ව්‍යාපාරික පුවත්

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වානිජ කටයුතු අමාත්‍යාංශයෙන් තාවකාලිකව බිත්තර ආනයනය සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව පවසා සිටී. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පවසා සිටින්නේ එක්වරම කිකිළි බිත්තරයක තොග මිළ රුපියල් 22 දක්වා ඉහළ යාම තම බේකරි නිෂ්පාදන වලට දැඩි ලෙස බලපාන බවයි.

තම සංගමයේ සාමාජිකයින් කර්මාන්තය කරගෙන යාමේදී මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ බිත්තර ආනයනයට තම සංගමය කළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කරන බවට වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා පොරොන්දු වූ බවයි. තවදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා “ඉතිහාසයේ ප්‍රථම වතාවට බිත්තරයක මිළ රුපියල් 20 සීමාව පසු කළා. ලංකාවේ බිත්තර නිෂ්පාදනයෙන් 75%කට වඩා වැඩි ප්‍රමාණයක් මිළදී ගනු ලබන්නේ බේකරි ආශ්‍රිත නිෂ්පාදන වලට සහ රට පුරා විසිරී තිබෙන හෝටල් වලටයි.”

කෙසේ වුවද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ තංගල්ලේ කාල්ටන් නිවසේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව බිත්තරයක මිළ රුපියල් 2කින් අඩු කිරීමට තීරණය කර තිබුනද එය බේකරි නිෂ්පාදන වල මිළ පහළ යාමට තරම් අඩුවීමක් නොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ මතය බව එන් කේ ජයවර්ධන මහතා පවසා සිටියේය.

රට තුළ බිත්තර නිෂ්පාදනයේ අඩුවක් නැති බව පැවසූ එන් කේ ජයවර්ධන මහතා බිත්තරයක තොග මිළ ඉහළ දැමීම මාෆියා කල්ලියක ක්‍රියාවක් බවද අවධාරණය කළේය.

“බිත්තරයක මිළ රුපියල් 15 ඉක්මවා යා නොහැකියි.එනිසයි අපි වෙළෙඳ ඇමතිවරයාගෙන් අපහට තාවකාලිකව බිත්තර ආනයනය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටින්නේ. එසේ වුවහොත් අප සංගමයට රුපියල් 15කට අඩුවෙන් බිත්තර විකිනීමට හැකියාව තිබෙනවා.”යැයි එන් කේ ජයවර්ධන මහතා අවධාරණය කර සිටියේය.

කෙසේ වුවද නව රජය රට තුළ නිෂ්පාදනය කළ හැකි කිසිදු පාරිභෝගික භාන්ඩයක් පිටරටින් ආනයනය නොකිරීමේ ප්‍රතිපත්තියක සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More