දේශීය පුවත්

දෛනික ආදායම පහත වැටී ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  කාර්ය මණ්ඩලයට අඩ වැටුප් සහිත මාස තුනක නිවාඩුක් ලබා දීමට පාලනාධිකාරියේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා, කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා කාර්යාල කීපයක් ආර්ථික අපහසුතා හේතුවෙන් වසා දැමීමට සිදුව ඇති බව අංශ ප්‍රධානීන්ට සහ කාර්ය මණ්ඩලය වෙත නිකුත් කර ඇති ලිපියක් මගින් දන්වා ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාර්ය මණ්ඩලයට අඩ වැටුප් සහිත නිවාඩු ලබා දීමට අවධානය යොමුවී ඇති බව සාමාන්‍යාධිකාරීවරයා පවසයි. සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ අදාළ කාලයේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ගණනය කරන්නේද ලබා දෙන අඩ වැටුපට සාපේක්ෂව බවයි.

සාමාන්‍යාධිකාරීවරයා විසින් නිකුත් කර ඇති අදාල ලිපියට එරෙහිව කාර්යාංශයේ වෘත්තීය සමිති දැඩි ලෙස විරෝධය පළකර සිටින බවද අප වෙත වාර්තා වේ. දිවයින පුරා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයන් දෙදහසකට පමණ අඩ වැටුප් නිවාඩු ලබාදීමට සූදානම් වන ඉහළ නිලධාරීන් තම ඉන්ධන දීමනා සහ දුරකථන දීමනා ඇතුළු වරප්‍රසාද කිසිදු අඩුවක් නොමැතිව බුක්ති විඳිමින් සිටින බවට වෘත්තිය සමිති චෝදනා කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More