ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය පල කරන බව ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටුව පවසයි.
එහි සභාපති ජාන් සහරාදිල් මහතා ප්‍රකාශ කර ඇත්තේ එම සහනය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවයි.
යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් පසුගිය 04 වනදා සිට මෙරට සංචාරයක නිරත වන අතර ජි.එස්.පී ප්ලස් සහනය ලබාදීමේ ප්‍රගතිය පිළිබඳ ඔවුන් එහිදී අධ්‍යයනය කර තිබේ.
අත්හිටුවා තිබූ ජි.එස්.පී ප්ලස් සහනය මෙරටට ලබාදී වසරක පමණ කාලයක් ගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කරන බව කමිටු සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.
එම සහනය ලබාදීම සම්බන්ධයෙන් කොන්දේසි ඉදිරිපත් කළ නොකළ නමුත් මෙරට මානව අයිතිවාසිකම් වර්ධනය සඳහා ත්‍රස්තවාදි වැලැක්වීම වෙනුවට කඩිනමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව යුරෝපා සංඟමයේ දකුණු ආසියානු නේවාසික නියෝජිත සජාඩ් කරීම් ප්‍රකාශ කර ඇත.
මේ අතර අන්තර් ජාතික වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටු නියෝජිතයින් අද(06) අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවිමට නියමිත අතර ඔවුන් අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...