දේශීය පුවත්

මහ මැතිවරණයේදී එතෙක් තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව  6 සිට  3 දක්වා අඩු වුවද ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු මතගැටුමක් නැති බව  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හෙළිදරව් කරයි.

මහ මැතිවරණයේදී ලැබූ ප්‍රතිඵලය පදනම් කොට පක්ෂ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාට හෝ පක්ෂ ලේකම්වරයා වන තමන්ට ඉල්ලා අස්වන ලෙස කිසිදු පාර්ශ්වයකින් බලපෑමක් එල්ල නොවූ බවද ඔහු සඳහන් කරයි.

මහමැතිවරණය ප්‍රතිඵලය සම්බන්ධයෙන් සිය මුහුණු පොත හරහා සටහනක් තබමින් දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා කර තිබෙන සඳහන ව්‍යාජයක් බව ද ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි

ඔහු එසේ සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයත් සමග ගනුදෙනු කරන පක්ෂ නායකයා හා  බිමල් රත්නායක මහතා සමග ජනතා විමුක්ති පෙරමුණට අනාගතයක් නොමැති බව තමා කීප වතාවක් ප්‍රකාශ කළ බවට ලාල්කාන්ත මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහන සම්බන්ධයෙනි.එය ලාල් කාන්ත සහෝදරයා විසින් මේ වන විට නිවැරදි කොට ඇති බව ද ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේ  සමාජ මාධ්‍ය ජාලාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More