කලා පුවත්

දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජේ‍යෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සඳහා රුපියල් ලක්ෂ 5ක විශේෂ මාසික දීමනාවක් ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ අදාළ පළමු චෙක්පත ජනාධිපතිවරයා අතින් ඊයේ (5දා) ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙත පිරිනමා තිබේ.

ජාත්‍යන්තර කීර්තිධර මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වැනි ජන්ම දිනය ඊයේ (5දා) දිනට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ඊයේ උදෑසන තිඹිරිගස්යාය පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත ගිය ජනාධිපතිවරයා සිය ජන්ම දින සුබ පැතුම්ද එක්කොට ඇත.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය සමඟ එක්ව කේක් කපා ජන්ම දිනය සැමරීමටද ජනාධිපතිවරයා එක් වූ අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසමින් සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා ඒ මහතා වෙත නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More