රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විශ්වාසභංගයෙන් ජයග්‍රහණය කළද තමන්ගේ ඉලක්කය ජයග්‍රහණය කර ඇති බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ.
“මේ යෝජනාවට පක්ෂ විපක්ෂ වූ අය පිළිබඳව රටේම ජනතාව දැන් දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ මේ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම තුළින් ඔවුන් ජනමතයට ගරු කර තිබෙන බව පැහැදිලියි. දැන් තමයි හොඳ හොඳ සෙල්ලම් එළියට එන්නේ. රනිල් සමග එකතු වූ අය එහෙම එකතු වුණේ ඇයි කියලා නොයෙක් දෙනා නොයෙක් දේ කියනවා. හැමදේම හෙට අනිද්දා ජනතාව දැන ගනීවි. අපි කළේ ජනතාව අපිට බල කරලා කිව්ව දෙයක්.යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. ඒ කොළඹදී ඊයේ (05) දින මාධ්‍යවේදීන් පිරිසක් ඔහුගෙන් කරන ලද විමසීම් වලට පිළිතුරු දෙමිණි.
“මේ විශ්වාසභංගය ඉදිරිපත් කරද්දීම අපි කිව්වා මේක දිනුවත්, පැරදුණත් අපි දිනනවා කියලා. දැන් ඒක සිද්ධ වෙලා තිබෙනවාද . විශ්වාසභංග යෝජනාව අපි ඉදිරිපත් කළත් අපි දැනගෙන හිටියා ඒක පරදින බව. මොකද තනතුරු අතහැරලා යන්න බැරි අය මේ යෝජනාව පරාජය කරන්න ඕනෑම දෙයක් කරන බව අපි දැනගෙන හිටියා.
රංගෙ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා තමයි මුලින්ම විශ්වාසභංගයක් ගැන කියලා අගමැතිට යුද්ධ ප්‍රකාශ කළේ. විජේදාස රාජපක්ෂ මහත්තයත් මුල සිටම විශ්වාසභංග යෝජනාවට පක්ෂ බව ඇතැම් අය කියලා තිබුණා. ඒ හැමෝම අවසානයේදී රනිල් සමග එකතු වුණා. අපි විශ්වාස නොකළ පිරිසක් මේ යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කර පක්ෂව ඡන්ද දී තිබෙනවා.
මේ රටත්, ජනතාවත් රැකගන්න නම් ආණ්ඩුව වෙනස් විය යුතුයි. ඒක කරන්න ජනතාව බලාගෙන ඉන්නවා. මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා ජනතාවට ආණ්ඩුව ගැන තීරණයක් ගන්න අවස්ථාව දෙන්න ඕනේ.”
අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාවෙන් ජය ගත්තද එය ජනමතය නොවන බවද රාජපක්ෂ මහතා පැවසුවා.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...