දේශීය පුවත්

තවදුරටත් අමාත්‍යධූරයන්හි රැඳී සිටින්නේ අමත්‍යධූර අතහැරීමට ඇති ලෝබකමක් නිසා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයට එකඟතාව පලකරමින් බව ආපදා කලමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවා.

ඒ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා අස්වනබවට පවතින රාවය සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

“අපි මේ ඉන්නේ ඇමතිකම් දාල යන්න බැරුව නෙවෙයි. අපිට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපතිතුමයි කතා කළේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විදියට මේ ජාතික ආණ්ඩුවේ වගකීම් ගන්න. අපි ඉන්නේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ. ජනාධිපතිතුමා යන්න කියනවනම් යන්නත් අපි සූදානම්. අපි මෙතන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විදියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළොත් ඇමතිධූරවලින් අපි ඉවත්විය යුතුයි කියල එවිට එය කරන්න අපිට පුළුවන්. අපිට මේ සියල්ල ලැබිල තියෙන්නේ පක්ෂය තුළින්. අපි එදා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නේ හෘද සාක්ෂියට එකඟව ශ්‍රීලංකා නිදහස් පාක්ෂකයෝ විදියටයි.”

තමන් ඇතුළු පිරිස සිටින්නේ එවන් ස්ථාවරයක බැවින් තැන් තැන්වල නොයෙක් කතා කීමෙන් පලක් නැතැයිද අමාත්‍යවරයා අවධාරණය කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More