රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීම පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමු විය යතු බව හිටපු කථානායකවරයකු සහ අමාත්‍යවරයකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.
ඔහු මේ ප්‍රකාශය කළේ අද (25) පෙරවරුවේ ජා ඇල දී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා කියා සිටියේ රවි කරුණානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධ වරද පිළිගැනීමක් වශයෙන් නිසා එවන් වරද කරුවෙකු පක්ෂය තුළ තබා ගැනීම එක්සත් ජාතික පක්ෂයට බරපතල හානි දායක දෙයක් බවය.
එජාප – ශ්‍රීලනිප සම්මුතිවාදී යහපාලන රජයක් පිහිටුවා ඇත්තේ සොරුන් සහ දූෂකයන් පලවා හැරීමට බැවින් මෙම පක්ෂ තුළ සොරුන්ට ඉඩ කඩ ලබා දීම අතිශය නරක පූර්වාදර්ශයක් බවද හිටපු අමාත්‍යවරයා කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...