චිත්‍රපටයක් රූගත කරන අතරතුර මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බොලිවුඞ් සුපිරි නළු සල්මන් ඛාන්ට වසර 5 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
මීට අදාළ නඩුව රාජස්ථාන් ප්‍රාන්තයේ – ජෝද්පූර් අධිකරණයේදී අද කැදවූ අතර, එම අවස්ථාවේදී අදාළ තීන්දුව ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. සල්මන් ඛාන් විසින් 1998 වසරේ චිත්‍රපට රූගත කිරීමක් අතුරතුර මෙලෙස මරා දමා තිබුණේ කළු මුවන් දෙදෙනක්.
සිද්ධියට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ සයිෆ් අලි ඛාන්, තාබු, සොනාලි බෙන්ද්‍රා සහ නීලම් යන නළු නිලියන් එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමටයි ජෝද්පූර් අධිකරණය නියෝග කළේ.
මෙම චෝදනාවට සල්මන් ඛාන්ට වසර 5 ක සිර දඩුවමට අමතරව ඉන්දීය රුපියල් 10000 ක දඩයක් ද පනවා තිබෙනවා. කෙසේවෙතත් මෙම දඩුවම සම්බන්ධයෙන් ඇප ඉල්ලුම් කිරීමට ඔහුට හැකියාව පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. නඩු තීන්දුව ලබාදුන් ජෝද්පූර් අධිකරණය අවට අද දිනයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...