දේශීය පුවත්

විශ්වාසභංග යෝජනාවෙන් නිසැකවම නිමා වන්නට තිබුණු අගමැති රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ගමන මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම සහ බැඳුම්කරේ මුදල් නිසා වැළකී ගියේයැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රණතුංග මහතා මෙසේ ප‍්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී අද (5) මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

රනිල් එලවීමේ සටන පාර්ලිමේන්තුවේ දී පරාජය වුවා කියා අධෛර්යමත් වන්නට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නැහැ. රනිල් මෙන්ම රනිල් ආරක්ෂා කරන බලවේගයන් ද අතුගා දමන සටන ජනතා සහභාගීත්වයෙන් යුක්තව පාරට ගෙන එන්නට අපි සූදානම්ව ඉන්නවා.

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහණය කළා කියලා එක්සත් ජාතික පක්ෂයට උඩ යන්න කිසිම හේතුවක් නැහැ. මොකද අපි මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ තුනෙන් දෙකකටත් වැඩි බලයක් තිබුණු ආණ්ඩුවක අගමැතිවරයකුට එරෙහිවයි. අපි හැප්පුණේ අපිට වඩා තුන් ගුණයක් මන්ත‍්‍රීවරුන් සිටින ආණ්ඩු පක්ෂයක් එක්කයි.

හැබැයි අපේ මන්ත‍්‍රීවරුන් පනස් ගාණක් අත්සන් කරලා ඉදිරිපත් කරපු ඒ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව හොලවන්න අපිට පුළුවන් වුණා. පසුගිය සති දෙකක කාලය දිහාවට ආපහු හැරිලා බැලූවොත් පෙනෙයි ආණ්ඩුව වෙඩි කාපු ඌරෙක් වගේ විශ්වාසභංගයෙන් ජයගන්න දගලපු ආකාරය. අන්තිම මොහොත වෙනකම් රනිල් උන්නැහෙවත් විශ්වාස කළේ නැහැ දිනන්න ලැබෙයි කියලා.

ආණ්ඩුව විතරක් නෙමෙයි අපි කරපු වැඩෙන් ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ සල්ලි ගසුත් හොලවන්න අපිට පුළුවන් වුණා. මේ විශ්වාසභංග යෝජනාවේ ප‍්‍රතිඵලය මුදල් මත තීන්දු කෙරුණු එකක්. සමහර මන්ත‍්‍රිවරුන් කියනවා ඒකාබද්ධ විපක්ෂය පරාදයි කියලා. හැබැයි මහත්වරුනේ සල්ලිවලට හෘදය සාක්ෂිය පාවා දීපු තමුන්නාන්සේලා පැරැද්දුවේ ඒකාබද්ධ විපක්ෂය නෙමේ මේ රටම කියන එක මතක තියාගන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More