දේශීය පුවත්

2018 වර්ෂයේ ගතවූ කාල සීමාව තුල දිවයිනපුරා ඩෙංගු රෝගීන් 14,000 ක් පමණ වාර්තා වී ඇති අතර, එය 2017වර්ෂයේ එම කාලය හා සැසදීමේදී, 65% ක අඩුවීමකි.

මෙම තත්වය තවදුරටත් අවම කරගැනීම සහ නිරිත දිග මෝසම් වැසි සමයත් සමග ඇතිවිය හැකි ඩෙංගු වසංගත තත්වය වළක්වා ගැනීමේ අරමුණින් ජාතික මදුරු මර්දන සතියක්,2018 අප්‍රේල් 03 – 09යන දින වල මුළු දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයසහ ඩෙංගු මර්දනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවේ.

එහිදී දිවයින පුරා ඩෙංගු වැඩි අවදානම් සෞඛ්‍යවෛද්‍ය නිලධාරි කොට්ටාශ 58ක දින 7ක්ද, අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ 111ක දින 5ක්ද වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, අප්‍රේල් 07ත් වන සෙනසුරාදා දිනය පාසල් පරිශ්‍ර පරීක්ෂා කිරීම සදහාද, 08වන ඉරිදා දිනය ප්‍රජා දායකත්වයෙන් සිදුකරන ශ්‍රමදාන කටයුතු සදහාද වෙන්කොට ඇත.

ජාතික මදුරු මර්දන සතියසදහා දිනකට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් සාමාජිකයන් 10,000ක් සිය සහභාගීත්වය ලබාදේ.
මෙම වැඩසටහනේ පළමු දිනයේ සාරාංශය පහත පරිදිවේ.මෙහිදී පරිශ්‍ර 47720 පරීක්ෂා කරන ලද අතර 18% මදුරුවන් බෝවන සේ තබා ගෙන ඇති අතර 2% ක මදුරු කීටයන් හමුවී ඇත.

තවද නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින්,අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබදව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි. මේ සදහා සියලූ දෙනාගේ සහයෝගය අපේක්ෂා කෙරේ.

ඕනෑම අයෙකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හට ගැනීම හා රුධිර වහන තත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More