ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂය තුළ මත දෙකක් දැරුවද සෑම විටම බහුතර මතයට ගරු කළ බවත් එහෙත් අවසන් මොහොතේ තිලංග සුමතිපාල මහතා සහ එස්.බී.දිසානායක මහතා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ බව අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(05) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ඡන්දය පැවැත්වෙන විට එයට නොගිහින් සිටින ලෙස පවසා අන්තිමේ දී මෙවැනි තීරණයක් ගනු ලැබුවේය යන්න අමාත්‍යවරයා හැඟීම්බර ලෙස මාධ්‍ය හමුවේ කියා සිටියේය.
කෙසේ වෙතත් ඒකාබද්ධයේ අරමුණ වුයේ ගමේ බලය ලබා ගත් ආකාරයෙන් රටේ බලය ද ලබා ගැනීම බව ද පැවසු අමාත්‍යවරයා මේ සඳහා ඔවුන් ප්‍රබල කුමන්ත්‍රණයක සිටි බව ද පැවසීය.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිවිටක මත පල නොකල බවයි.
ජනාධිපතිවරයා කිසිවිටෙකත් පක්ෂව, විපක්ෂව හෝ ඡන්දය දීමෙන් වළකින ලෙස නොපැවසු බවත් කියා සිටි මහින්ද සමරවීර මහතා, අගමැතිවරයා මෙයින් දින්නත් පැරදුනත් 5 වෙනිදා උදෑසන වෙද්දි තමා ආණ්ඩුව ගෙන යා යුතු බවත්, එනිසා තමා කිසිවිටෙකත් පැත්තක් නොගන්නා බවත් පැවසු බවද සඳහන් කළේය.
එනිසා පාර්ලිමේන්තු කණ්ඩායමක් වශයෙන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පැවසු බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...