2018 වසරේදි ගාල්ල දිස්ත්‍රික්කය තුළ සිංහරාජ විශේෂ ඒකාබද්ධ ග්‍රාමිය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මකය.
සිංහරාජ රක්ෂිත ප්‍රදේශයන්ට සමගාමිව පිහිටා ඇති ග්‍රාමිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම මෙහි මුලිකම අරමුණයි. බොහෝ දෙනෙකුගේ ඇස නොගැටෙන, විවිධ දුෂ්කරතාවයන්ගෙන් යුත් අවම පහසුකම් මේ යටතේ වැඩි අවධානයට ලක්වේ.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් මෙම වැඩ පිළිවෙලට අවශ්‍ය ප්‍රතිපාදන සපයයි.තවලම, නියාගම, නෙළුව, සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මුලික කරගෙන මෙවැනි ව්‍යාපෘති 06ක් සදහා මුල්‍ය ප්‍රතිපාදන මේ වන විට වෙන්ව ඇත.
රුපියල් මිලියන 1.02ක ප්‍රතිපාදන සියළුම ව්‍යාපෘති සදහා යොදවා ඇති අතර උඩුගම තවලම ප්‍රධාන මාර්ගයේ සිටි මල්හතාව ග්‍රාම නිලධාරි වසමේ ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරිම සහ උඩුගමතවලම ප්‍රධාන මාර්ගයේ සිටි පනංගල උතුර ග්‍රාම නිලධාරී වසමේ ප්‍රවේශ මාර්ගය අදියර 02ක් යටතේ සංවර්ධනය කිරිම, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුළ ද ක්‍රියාත්මකය.
නාගොඩ ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශ බල ප්‍රදේශය තුළ උඩු වැලිවිටිය ගම්මැද්දේගොඩ ප්‍රධාන මාර්ග සංවර්ධනය කිරිම සදහා රුපියල් ලක්ෂ 02 මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.
එමෙන්ම නෙළුව ගිගුරුව මිගහදෙණිය ග්‍රාමිය මාර්ගය සදහාද රුපියල් ලක්ෂ 1.5 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව දිස්ත්‍රික් සැලසුම් අංශය පසුගියදා පැවති සම්බන්ධිකරණ කමිටුවේදි පෙන්වා දෙනු ලැබිණ.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...