දේශීය පුවත්

පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මැයි 26 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් දුන් අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබද නියෝගය අද ( 5) ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

එහෙත් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ පැවැත්වීමට මෙම තහනම් නියෝගය කිසිඳු බාධාවක් නොමැති බව අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් සඳහන් කළේය.

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල මෙසේ තහනම් නියෝගය දීර්ඝ කිරීමට නියම කර තිබේ.ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් පෙත්සම් පිළිබඳ විභාගය ජුලි මස දෙවනදා සිදුකරන බවත් අභියාචනාධිකරණය තීන්දුවෙන් සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පොදු දේපල පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් පසුගිය නොවැම්බර් මස 27 වනදා තහනම් නියෝගයක් නිකුත් කරන අතර එය ඉවත් කරන මෙන් නීතිපතිවරයා විසින් ඉල්ලීම් කර තිබුණි.

එම ඉල්ලීම පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත්වීමෙන් පසුව අභියාචනාධිකරණ සඳහන් කර සිටියේ තහනම් නියෝගය දීර්ඝ කිරීම සඳහා සාධාරණ කරුණු පවතින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More