යෝජිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (02 දා) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඊයේ (01 දා) අධිකරණ අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කර තිබිණ. අදාළ යෝජිත කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. වී. කේ. මායාදුන්න මහතා විසින් නීතිපතිවරයා වෙත යොමු කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කළේය.
මහාචාර්ය ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, අලි සබ්රි සහ උදය ගම්මන්පිල යන පස්දෙනකුගෙන් යුත් කැබිනට් අනුකමිටුව විසින් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර ඇත.
ඊයේ නීතිපතිවරයාට යොමු කළ කෙටුම්පතේ අන්තර්ගත තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු කොටස් කිහිපයක් රඳවා ගැනීමට බලාපොරොත්තු වන බව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී එය කෙටුම්පත් කිරීම වෙනුවෙන් විද්වත් මණ්ඩලයක් තෝරා පත්කර ගැනීම අධිකරණ ඇමැති අලි සබ්රි මහතාට කැබිනට් මණ්ඩලය විසින් පවරා ඇතැයි ද කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
ඉකුත් මහ මැතිවරණයේදී ජනතාව තමනට තුනෙන් දෙකක පැහැදිලි බලයක් ලබාදී ඇත්තේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම වෙනුවෙන් බව සම කැබිනට් ප‍්‍රකාශක උදය ගම්මන්පිල මහතා ඊයේ මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් බේරා ගැනීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කරයිද?