දේශීය පුවත්

යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය පවතින බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී කේ. ශිවාජිලිංගම් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකා රජයේ හමුදාව යුද අපරාධ සිදු කර ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප‍්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ යැයි ශිවාජිලිංගම් එහිදී ප්‍රකාශ කර ඇත.

ජිනීවා මානව හිමිකම් කවුසලය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

“2015 වසරේ සැප්තැම්බර් මාසයේ ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ යෝජනාවලියට අදාළව මෙතෙක් කිසිදු සාධනීය පිළිතුරක් අනුගමනය කර නැහැ. දෙමළ ජනතාව අඛණ්ඩව බලාපොරොත්තු වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවයි. යුද අපරාධ සම්බන්ධයෙන් තමන් සතුව වැදගත් සාක්කි රැසක් ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබෙන බව මෙහිදී විශේෂයෙන් කිව යුතුයි. හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු හමුදා සාමාජිකයින් 30 දෙනෙක් යුද අපරාධ සිදු කර ඇති බවට ඔහු පවසනවා.

නමුත් ඊට දින දෙකකට පසුව ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කියන්නේ යුද වීරයින්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වන්නේ නැහැ කියලයි. ශ්‍රී ලංකාවේ අද තත්ත්වය මෙන්න මේකයි. අවසාන වශයෙන් මගේ ඉල්ලීම වන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍යයි කියන එකයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More