දේශීය පුවත්

මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන්ට පහසුකම් ලබා දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි එම බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ රුපියල් ලක්‍ෂ 10 ක ශරීර ඇප 2 ක් මත අද නිදහස් කෙරුණා. ඒ එම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

මේ අතර දැඩි ආන්දෝලනයට ලක් වූ අනුරුද්ධ සම්පායෝගේ අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ CCTV දර්ශන මාධ්‍ය වෙත අද නිකුත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළා.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔහු වෙනුවෙන් අද ඇප ඉල්ලීමක් සිදු කළා. තම සේවාදායකයා වෙත එල්ල වී ඇති චෝදනාවට ඇප පනත අනුව ඇප ලබා දිය හැකි බවයි අධිකරණය හමුවේ නීතිඥවරුන් කියාසිටියේ. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධය එල්ල කළ අතර සම්පායෝ අත්අඩංගුවට ගැනිමේ දී සිදු වු බලපෑම් සම්බන්ධයෙන් ද අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

කෙසේ වෙතත් දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 ක් මත අනුරුද්ධ සම්පායෝට ඇප ලබා දෙන ලෙසයි. එමෙන්ම සෑම මසකම පළවෙනි හා 3 වන ඉරිදා දෙන කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය සම්පායෝට නියෝග කළා. නඩුවේ අනෙකුත් සැකකරුවන්ට රුපියල් ලක්‍ෂ 6 බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඇප ලබා දීමටයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ.

සම්පායෝ සැබෑවටම අත්අඩංගුවට ගත් හැටි වීඩියෝ සාක්ෂියකින් එළියට

සම්පායෝ සැබෑවටම අත්අඩංගුවට ගත් හැටි වීඩියෝ සාක්ෂියකින් එළියට

Gepostet von Ada Derana Sinhala am Montag, 31. August 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More