ක්‍රීඩා පුවත්

ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 5ක් හා එක් විස්සයි-20 තරගයක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජූලි 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

වසර 4කට පමණ පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් වරට එනම් 2014 වසරේදී ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග තුනකට සහභාගි වී තිබූ අතර, ටෙස්ට් තරගාවලිය 1-0කින් හා එක්දින තරගාවලිය 2-1කින් ඔවුන් ජයගෙන ඇත.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජූලි 12 වැනිදා සිටත්, එක්දින තරගාවලිය ජූලි 29 වැනිදා සිටත් ආරම්භ වන අතර, එකම විස්සයි-20 තරගය අගෝස්තු 14 වැනිදා ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් ශේ්‍රණි ලකුණු 117ක් ලබා සිටින දකුණු අප්‍රිකානුවන් මේ වනවිට ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි 2 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, ශේ්‍රණි ලකුණු 95ක් ලබා ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානයේ පසුවෙයි.

තරග සටහන

ජූලි 12-16 පළමු ටෙස්ට් තරගය – ගාල්ලේදී
ජූලි 20-24 දෙවැනි තරගය _ එස්.එස්.සී. පිටියේදී
ජූලි 29 හා අගෝ. 01 පළමු හා දෙවැනි එක්දින තරග _ දඹුල්ලේදී
අගෝ. 5 හා 8 තෙවැනි හා සිවුවැනි එක්දින තරග – පල්ලෙකැලේදී
අගෝ. 12 අවසන් එක්දින තරගය _ ආර්. ප්‍රේමදාස පිටියේදී
අගෝ. 14 _ විස්සයි-20 තරගය _ ආර්. ප්‍රේමදාස පිටියේදී



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More