ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිම බවට හැඳින්වීමට තරම් සාක්ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.
නමුත් තමන් කිසි විටෙක ජාතිවාදය ඇවිස්සීමට කටයුතු නොකරන බවද ඒ මහතා කියා සිටී.
පාර්ලිමේන්තුව ආරම්භක දිනය දා තමන් විසින් සිදුකරන ලද කතාව ගැන එක් එක් අය විවිධ අදහස් පැවසුවද තමන්ගේ ප්‍රකාශය සාක්ෂි සහිතව ඔප්පු කිරිමට හෝ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට සූදානම් බවද මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට අයිතියක් ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.
දෙරණ නාලිකාව සමගින් අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Sri Lankan government should to consider his sayings. However, if he is breaking the rule of the country then legal action should be taken. The government should isolate this guy and work with other Tamil politicians for Sri Lankan national interest
සිංහලයේ(ශ්‍රී ලංකාවේ) දෙමළ ජනයාට පමනක් සුවිශේෂී වූ ගැටලුවක් තිබේද? කොහෙත්ම නැත. ක්‍රි.පූ 5 වන සියවසේ සිට ක්‍රිව.1505 දී යුරෝපීයයන් විසින් යටත් විජිතකරණය කරන තෙක්, සිංහලේ සිංහල බෞද්ධ පදනමන් යුත් රටක් විය. සිංහලය දකුණු ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණිකයන් විසින් කිහිප වතාවක් ආක්‍රමණය කර ඇති නමුත් ඔවුන්ට කිසි විටෙකත් මුළු දිවයිනම පාලනයට නතුකරගත නොහැකි විය. එපමණක්ද නොව, ඔවුන්ගේ පාලනයට නතුව පැවති කාලය ද එතරම් දිගු නොවීය. විග්නේශ්වරම් මහතා ද එම ආක්‍රමණික පරපුරේ එක් පුරුකකි.
ඔහු පාර්ලීමේන්තුවේ කළ ප්‍රකාශ ඔහුගේම වචන පමණක් නොවේ. එය දෙමළ මූලධර්මවාදීන්ගේ අදහසක් වන අතර සුළුපටු කොට නොසැලකියයුතුය. අගෝස්තු මාසයේ පැවැත්වූ මැතිවරණයෙන් ජනතාවගේ අපේක්ෂාවන් පැහැදිලිව ප්‍රකාශ කොට ඇත. එනම්, නීතිය ඉදිරියේ සියලුම පුරවැසියන් සමාන වන අතර ඒ ඒ ජනවර්ග වලට වෙන වෙන නීති තිබිය නොහැක. ජාතික භාෂාව ලෙස සිංහල පමණක් භාවිතා කලයුතුය. රටේ පාසල් අධ්‍යාපනය සිංහල භාෂවෙන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය නැවත පාසලේදී ඉගැන්වීම ආරම්භ කලයුතුය. පාසල් නිල ඇඳුම් ජනවාර්ගික කණ්ඩායම් අනුව වෙනස් නොවිය යුතුය.මෙම ප්‍රතිපත්ති ඕනෑම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ක්‍රියාත්මක බව නොරහසකි. දෙමල හෝ මුස්ලිම් අන්තවාදයට තිත තැබීමට නම් ජපනුන්ගේ ජජානය, ජර්මානුවන්ගේ ජර්මනිය, ප්‍රංශුන්ගේ ප්‍රංශය මෙන් සිංහලයන්ගේ「සිංහලේ」 නැවතත් ගොඩනැගිය යුතුය. එයින් අදහස් කරන්නේ දෙමළ, මුස්ලිම් වැනි ජන කොටස් වලට සිංහලේ (ශ්‍රී ලංකාවේ) ඉඩක් නොමැති බව නොවේ. සිංහලේ මහා සංස්කෘතියට එකඟව ඔවුන්ට ජීවත්විය හැකිය. මෑතක බිහි වූ කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් සමඟ සිංහලේ සැසදිය නොහැක. අප සිංහලේ සැසිදිය හැක්කේ දීර්ග ඉතිනාශයකට හා සාරවත් සංස්කෘතියකට හිමිකම් කියන ප්‍රංශය, ජපානය වැනි රටවල් සමඟ පමණි. මෙම රටවල ජීවත්වන සියලු දේනා එම රටේ භාෂාව, සංස්කෘතිය, නීතියට එකඟව ජිවත්වෙති. වෙනම පාසැල්,වෙනම නීති නොමැත. පුද්ගලික ජීවිතය ඒ ඒ ආගමික, ජනවාර්ගික ඉගැන්වීම් වලට අනුව ගත කිරීම මේ වරදක් නොවේ. නමුත් ජාතික පාසැල්, රාජ්‍ය ආයතන වැනි පොදු අවකාශය සිංහලේ මහා සංස්කෘතියට පමණක් ඉඩ ඇති බව පැහැදිලිව තේරුම් ගත යුතුය. දෙමළ සහ මුස්ලිම් ජනකොටස් වලට ඔවුන්ගේ තත්වය තේරුම්කරදීම වැදගත්ය. එයට මහාදම ක්‍රමය ජාතික අධ්‍යාපනය සියළුම පුරවැසියන්ට සිංහල බසින් ලබා දීමයි. ඉතිහාසය අනිවාර්ය්‍ය විෂයක් කළ යුතුය. තම තම ජනවර්ගවල භාෂා, ඇදහීම් පුද්ගලිකව කරගැනීමේ වරදක් නැත. පැලැස්තර ඇලවීමෙන් ප්‍රශ්න විසදිය නොහැකිය. සිංහලුන්ගේ ශ්‍රී ලංකාව ගොඩනැගීම තුලින් දේශපාලනිකව හා ආර්ථිකව ස්ථාවර රටක් බිහිවනු ඇත. මෙම රජයට ඒ සදහා බලය ලැබී ඇත.
මහාචාර්ය පත්මසිරි ජයසේන