යාපනය අනලතීව් දූපත් ප‍්‍රදේශය ආසන්නයේදී නාවික හමුදාව විසින් රුපියල් කෝටි හතක් පමණ වටිනා රත්තරන් කිලෝ ග‍්‍රෑම් 5.5 ක් සමග සැකකරුවන් දෙදෙනකු 29 වැනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට බෝට්ටුවක ආධාරයෙන් රැගෙන විත් ගොඩ බා ඇති මෙම රත්තරන් තොගය පසුව ගොඩබිමට රැගෙන යෑමට සූදානම් කර තිබියදී මෙසේ නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.
නාවික හමුදාව රත්තරන් තොගය සමග සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමටද සමත්ව ඇත. එම සැකකරුවන් යාපනයේ මාදගල් ප‍්‍රදේශයේ පදිංචි දෙදෙනකු බවට මේ වන විට හඳුනාගෙන තිබේ.
රත්තරන් තොගය ශ‍්‍රී ලංකා රේගුවේ යාපනයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අණතුරුව සැකකරුවන් දෙදෙනා හා රත්තරන් තොගය යාපනයේ තෙලිප්පලෙයි පොලිසිය වෙත භාර දී තිබේ.
යාපනයේ මල්ලාකම් අධිකරණය වෙත මෙම සැකකරුවන් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර තෙලිප්පලෙයි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...