බස්නාහිර පළාත් සභාවට අයත් ගම්පහ රෝහලේ හත්වන මහලේ පිහිටි “සී” ශල්‍යාගාරයේ ශල්‍යයකර්ම කරණු ලබන ඇඳ මතට එහි වායු සමනයකරණ පද්ධතියේ ඇතිවී තිබෙන කාර්මික දෝෂයක් හේතුවෙන් ජලය කාන්දු වීමට පටන් ගෙන ඇත. මේ හේතුවෙන් එම රෝහලේ හදිසි අක්ෂි සහ අස්ථි ශල්‍යයකර්ම සියල්ලම කොළඹ මහ රෝහල වෙත හරවා යැවීමට රෝහල් බළධාරින් කටයුතු කරන බව වාර්තා වේ.
මේ වන විට සති තුනක කාලයක් තිස්සේ හත්වන මහලේ පිහිටි “සී” ශල්‍යාගාරය මුළුමනින්ම වසා දමා ඇති බව පැවසේ. ශල්‍යාගාරයේ තත්වය බස්නාහිර පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශය වෙත වාර්තා කර ඇති බව පවසන රෝහල් අධ්‍යයක්ෂක විශේෂඥ වෛද්‍යය සමන් පතිරණ මහතා සඳහන් කළේ මේ වන විට අවශ්‍යය ප්‍රසම්පාදන කටයුතු සිදුවන බවයි.
අදාළ ශල්‍යාගාරය වසාතැබීම හේතුවෙන් දිනකට අක්ෂි ශල්‍යයකර්ම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් සංඛ්‍යාව 1800 දක්වා ඉහළ ගොස් ඇති බව අක්ෂි ශල්‍යය විශේෂඥ වෛද්‍යය ජේ.ඩී.එස් .ඩයස් මහතා පවසයි.තවද විකලාංග ශල්‍යය විශේෂඥ වෛද්‍යය තුෂාර අල්මේදාට අනුව ශල්‍යයකර්ම සිදු කළ යුත්තේ ජීවානුහරණය කළ ශල්‍යාගාරයක වන අතර ජලකාන්දුවක් සිදුවන ශල්‍යාගාරයක සැත්කම් කිරීම මගින් රෝගියාගේ ජීවිත හානි පවා සිදුවීමට ඉඩ කඩ තිබේ.
මේ අතර රෝහලේ වෛද්‍යයවරුන් පවසා සිටින්නේ රෝහලේ අටවන මහලේ වසර 20ක් තිස්සේ ජල කාන්දුවක් පවතින බවත් බස්නාහිර පලාත් සභාවට රෝහලේ අඩුපාඩු සපුරාලීමට නොහැකි හෙයින් රෝහල මධ්‍යම රජයට පවරා ගත යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...