දේශීය පුවත්

2021 වර්ෂයට අදාළව ඡන්ද හිමි නාම ලේඛනය සංශෝධනයට අදාල වන කටයුතු සැප්තැම්බර් 01 වනදා සිට ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි. සෑම වර්ෂයකම ජූනි මස 01 වනදා වන විට සංශෝධනයට ලක් කරණ ඡන්ද හිමි නාම ලේඛනය කෝවිඩ්19 වෛරසය පැතිරීමත් අගෝස්තු මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමත් යන කාරනා නිසා කල් දැමීමට හේතු වූ බව පවසන මැතිවරණ කොමසාරිස් කාර්යාලය 2021 ඡ්න්දහිමි නාම ලේඛනය 2021 මාර්තු මාසය වන විට අවසන් කිරීමට නියමිත බවද පැවසේ. ඡන්ද හිමි නාමලේඛනය සංශෝධනයට අදාළ සියළුම ලියකියවිලි ග්‍රාමීය මට්ටමෙන් ගණන් බලන නිලධාරියා වන ග්‍රාම සේවා නිලධාරින් වෙත දැනටමත් යවා ඇති බව පවසා සිටී.
මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අනුව ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම අයෙකුට ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුලත් කිරීමට හැකි බව කියවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More