දේශීය පුවත්

නවක මන්ත්‍රී වැඩ මුළුවට “යූ එස් ඒඩ්” ආයතනයේ නම සඳහන් පොතක් සහ පෑනක් තිබුණේ කෙසේදැයි වරප්‍රසාද ප්‍රශ්ණයක් මතු කරමින් ඊයේ පැවැති පාර්ලිමේන්තු සැසි වාරයේදී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් විමසා සිටියේය.
“යූ එස් ඒඩ්” ආයතනයේ තිළිණ මෙසේ ලබාදීම පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වයට හානියක් නොවේ දැයි මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා කථානායකවරයාගෙන් වැඩි දුරටත් විමසා සිටියේය.
මෙම ක‍්‍රියාදාමය මගින් “යූ එස් ඒඩ්” ආයතනය බලාපොරොත්තුව ඇත්තේ තිළිණ මගින් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් තමන් වෙත යම්කිසි මට්ටමකට අවනත කර ගැනීමකට විය හැකි බවත්, එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැති ඇමැතිතුමන්ලාටත් පොදුවේ පාර්ලිමේන්තුවටත් කරන ලද විශාල බලපෑමක් හා අපකීර්තියක් බවත් මන්ත‍්‍රීවරයා මතු කළ වරප‍්‍රසාද ප‍්‍රශ්නයෙහි සඳහන් වේ.
“යූ එස් ඒඩ්” ආයතනයේ තිළිණ මේ පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වයට හානියක් නොවේ දැයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගෙන් මහාචර්ය චන්න ජයසුමන මන්ත්‍රීවරයා ප‍්‍රශ්න කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය දියුණු කිරිමට ඇමරිකානු “යූ එස් ඒඩ්”ය ආයතනයෙන් විශාල ලෙස මුදල් වියදම් කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් පිළිතුරු දුන් බව කුමාරතුංග මහතා සිය වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් කළ කතාවේ සඳහන් කළේය.

මේ ආකාරයට අපේ රටට අනවශ්‍ය අයුරින් මැදිහත්වන්නා වූ වෙනත් රටකට අයත් ආයතනයකින් තිළිණ ලබාදීම සම්බන්ධයෙන් කථානායකතුමා දැනුවත්ද, ඒ සඳහා කතානායකතුමාගේ පූර්ව අවසරය දී තිබේද යන්නත් මන්ත‍්‍රීවරයා විමසා සිටියේය. හිටපු කථානායක කරූ ජයසූරිය මහතා උත්තරීතර පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය කෙලෙසා දමමින් විවිධ ආයතනවලට, ඔවුන්ගෙන් පඩිලබන සේවකයන්ට මේ පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට ඉඩදී ඇති බවත් එවැනි කටයුතු රටට අනර්ථයක් බවත්, ඒවායින් පාර්ලිමේන්තුව නිදහස් කර ගැනීමට මැදිහත්වන ලෙසත් මන්ත‍්‍රීවරයා කතානායකතුමා ගෙන් ඉල්ලා සිටියේය.
ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද පැණයට පිළිතුරු දෙමින් ,පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට කිසිම ආකාරයකින් බලපෑමක් කිරීමට ඉඩ නැති බවත්, ඉඩ නොදෙන බවත් දන්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More