රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට මීට මාස කිහිපයකට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදුන් මත්ද්‍රව්‍ය කිලෝ 500 ක පමණ ප‍්‍රමාණය සම්බන්ධයෙන් මේදක්වා කිසිදු පරීක්ෂණ කටයුතුත්තක් ආරම්භ කර නැතැයි රජයේ රස පරීක්ෂක කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු නිලධාරීන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට යොදා ගත් මෙම මත්කුඩුවලට වෙනත් ද්‍රව්‍ය මිශ‍්‍ර කර තිබේදැයි දැන ගැනීම සඳහා මෙම මත්කුඩු තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදී ඇති බව පැවසේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක රස පරීක්ෂක ඞී. එච්. සී. ඩබ්ලිව්. ජයමාන්න මහතා මෙම පරීක්ෂණ ප‍්‍රමාද වීම සම්බන්ධව අදහස් දක්වමින් පැවසුවේ අදාල මත්කුඩු තොගය සම්බන්ධ පරීක්ෂණ ක‍්‍රමානුකූලව සිදු කළ යුතු බැවින් පරීක්ෂණ වල යම් ප්‍රමාදයක් සිදුව තිබෙන බවයි. කෙසේ වුවද පසුගිය දිනක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනෙකු මත් කුඩු සන්ථකයේ තබා ගැනීම හේතුවෙන් පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...