දේශීය පුවත්

විග්නේෂ්වරන් අත නොහරී…

August 28, 2020 10:25 pm | Lanka Lead News

ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනයා යැයි පවසන විග්නේෂ්වරන් මහතාට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙතරම් තදින් විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශයට එරෙහිව පහර දුන්නද ඔහු පසු බසින බවක් දක්නට නැත. ඒ වෙනුවට විග්නේෂ්වරන් මහතා ජාත්‍යන්තර ඉතිහාසඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කර, ශී‍්‍ර ලංකා ඉතිහාසය පිළිබඳ සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටින බව අද(28) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. ඔහුට අනුව එම කමිටුවට සිංහල, දෙමළ, මුස්ලිම් සියළු නියෝජිතයින් මෙන්ම ජාත්‍යන්තර ඉතිහාසඥයන්ද ඇතුළත් විය යුතු බවද අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය. නව කතානායකවරයා තේරී පත්වූ අවස්ථාවේ තමන් සිදු කළ ප‍්‍රකාශය ඓතිහාසික කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව සිදු කළ බව ද සී වී විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බෙදුම්වාදීන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන විද්වතුන් පවසන්නේ විග්නේෂ්වරන් මහතා උත්සහා කරන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය විකෘති කරමින් එම විකෘතියට සුජාත භාවය ලබා ගැනීමට රාජ්‍යය නොවන සංවිධාන වල ඊනියා විද්වතුන්ගේ සහය ලබාගෙන එයට ජාත්‍යන්තර සහතිකය ලබා ගැනීමට බවයි. කෙසේ වුවද විග්නේෂ්වරන්ගේ සහයට ඉතා සූක්ෂමව අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා සහයෝගය දක්වන්නේ පාර්ලිමේන්තුවේ දී භාෂනයේ නිදහස තිබිය යුතුයි කියමිනුයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විග්නේෂවර්න්ගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරණ ලෙස කළ ඉල්ලීම කථානායකවරයා බැහැර කරණු ලැබීය.මේ අතර රාවුෆ් හකීම් මහතාද විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා සූක්ෂම ලෙස ආරක්ෂාවන අයුරින් පාර්ලිමේන්තුවේදී මත ප්‍රකාශ කරණු දක්නට ලැබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More