දේශීය පුවත්

කරූ පසු නොබසියි..!

August 28, 2020 9:16 pm | Lanka Lead News

පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරූ ජයසූරිය මහතාට එජාප යේ නායකත්වය ගැනීමට අවශ්‍යය එජාප සාමාජිකත්වය නැති බව ප්‍රකාශ කිරීමත් සමඟ කරූ ජයසූරිය හා රනිල් වික්‍රමසිංහ අතර ඇති විරසකය කරලියට පැමිණියේය.රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයට පිළිතුරු ලෙස මාධ්‍යය නිවේදනයක් නිකුත් කරන කරූ ජයසූරිය මහතා පවසා සිටින්නේ තමන්ට පක්ෂය විසින් නිකුත් කරන ලද යාව ජීව සාමාජිකත්වය හිමි බවයි.
කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍යය නිවේදනය:

මාධ්‍ය නිවේදනයයි

හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට පක්ෂයේ වර්ථමාන විනාශයට වගකිවයුතු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ අපගේ අවධානයට ලක්ව තිබේ.

එබැවින් කරු ජයසූරිය මහතා විසින් 2020 වසර සඳහා ලබාගෙන ඇති 0459 අංක දරණ රුපියල් 20 සාමාජික කාඩ් පතෙහි පිටපතක් සහ 749047 දරණ රුපියල් 1000 සාමාජික කාඩ්පතෙහි පිටපතක් මේ සමඟ මාධ්‍ය වෙත නිකුත් කරමු.

(2020 වසර සඳහා නව සාමාජික කාඩ්පතක් පක්ෂය විසින් මුද්‍රණය නොකරන ලද අතර 2019 වසර සඳහා මුද්‍රණය කළ සාමාජික කාඩ්පත් පක්ෂයේ මහලේකම්වරයා විසින් ස්වකීය නිල මුද්‍රාව තබා අත්සන යෙදීමෙන් පසු 2020 වසර සඳහා වලංගු සාමාජික කාඩ්පත් ලෙස පිළිගන්නා ලදි.)

මේ අතර පක්ෂ ඉතිහාසය තුළ ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව අවබෝධයක් නොමැති හිටපු තරුණ මන්ත්‍රීවරයෙකු විසින් එක්සත් ජාතික පක්ෂයේ 1000M සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වයක් නොවන බවට කර ඇති ප්‍රකාශය පිළිබඳව අප කණගාටු වන්නෙමු. එය 1000M වැඩසටහන පිළිබදව විශ්වාසය තබා පක්ෂ සාමාජිකත්වය ලබා ගත් සියළු පාක්ෂිකයන්ට කරන ලද බලවත් අසාධාරණයකි.

2000 වසරෙන් පසු ඇරඹි 1000M සාමාජිකත්වය පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් නොකරන ලද නමුත්, යාවජීව සාමාජිකත්වයක් ලෙස පිළිගතයුතු බවට ඒ සඳහා පුරෝගාමී වූ සියළු පක්ෂ නිලධාරින් එකඟත්වයකට පැමිණියහ. පක්ෂයේ වාර්ෂික සාමාජික මුදල රුපියල් 20 ක් වන අතර එහි පනස් ගුණයක් වන රුපියල් 1000 ක සාමාජික මුදල් එකවර ගෙවීමෙන් ලැබෙන 1000M සාමාජිකත්වය (20 X 50) ලෙස සළකා වසර 50 ක් වලංගු සාමාජිකත්වයක් ලෙස සැළකිය යුතු බව සියළු නිලධාරීන් එකග වූ පදනමයි. එලෙස 1000M සාමාජිකත්වය ලබන සාමාජිකයෙකු එම වසර තුළ තවත් රුපියල් 11000 ක මුදලක් පක්ෂ අරමුදල වෙත පරිත්‍යාග කර 1000M යාවජීව සාමාජිකත්වය තහවුරු කගනු ලබයි.

හිටපු පක්ෂ සභාපතිවරයෙකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා 1000M සංකල්පය ක්‍රියාත්මක කරලීමෙහි ලා සක්‍රිය කාර්යයභාරයක් ඉටුකළ අතර, වර්තමානයේදී ද පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න මැතිතුමා 1000M ව්‍යාපෘතියේ වගකීම් රැසක් උසුලන ලදි.

යාවජීව සාමාජිකත්වය පිළිබඳව වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා එම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් ඇමතීම වඩාත් යෝග්‍ය වන අතර පක්ෂයේ ගමන් මග පිළිබඳව අවබෝධයෙන් තොර දේශපාලන ළදරුවන්ගේ අදහස් අදාල නොවනු ඇත.

– කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More