” පොල්තෙල් සාම්පල 117 ක් පරික්ෂා කළා. ඒවායේ 70% තිබුණේ වෙනත් තෙල් වර්ග… ” එසේ කියන්නේ පාරිභෝගික අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මියයි.
නමුත් ඒ මහත්මිය ඒ පොල්තෙල් වල තිබූ අනෙක් තෙල් වර්ගය කුමක් දැයි සඳහන් නොකළ අතර එසේ පොල් තෙල් බාල කොට විකුණන ආයතන හෝ වෙළඳනාම ගැනද කිසිවක් සඳහන් නොකළේ ය.
එසේ අධික ලාභ ලැබීමට පොල් තෙල් බාල කිරීම සඳහා යොදා ගන්නේ ෆාම් තෙල් බව සඳහන් නොකිරීමට පරිස්සම් විය. එසේ ආහාර බාල කිරීම නීතිය මඟින් දඬුවම් කළ යුතු වරදක් වුවත් එසේ දඬුවම් කරන බවක් ද ඇය සඳහන් කරන්නේ නැත.
විශේෂත්වය වන්නේ මෙම නිලධාරීන් එසේ මහජන සෞඛ්‍යයට අදාළ තොරතුරු වසන් කරන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී වීමය. ඊට පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ද සහභාගි විය.
මෑතකදී බදු සහන යටතේ නැවත වටිනාකම් එකතු කොට අපනයනය කරන බවට ව්‍යාජ තොරතුරු ලබා දී ෆාම් තෙල් කි.ග්‍රෑම් මිලියන 15 ක් වෙළඳපොළට නිකුත් කළ බවද වාර්තා විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...