දේශීය පුවත්

ඊයේ(28) සවස රැස්වූ පාර්ලිමේන්තු සැසිවාරයේදී අතුරු සම්මත ගිණුම මගින් ආරක්ෂක අමාත්‍යාංශයට සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන් කිරීම මගින් උතුරේ ජනතාව විනාශය කරා රැගෙන යන බව පැවසුවේය. මේ සම්බන්ධයෙන් පර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ විග්නේෂ්වරන් සහ ගජේන්ද්‍රන් මන්ත්‍රීතුමන්ලා දිගින් දිගටම උතුරේ දෙමළ නිජබිමක් ගැන පවසන නමුත් 12 වන සියවසට පෙර උතුරේ කිසිදු කාලයක අඛන්ඩ දෙමළ ජනාවාසයක් නොතිබූ බවද විග්නේශ්වරන්ට සහා ගජෙන්ද්‍රන්ට ඒ ගැන දැන ගැනීමට අවශ්‍යයනම් යාපන විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ පළමු මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතාගේ ආචාර්ය උපාධි නිබන්ධනය කියවීමෙන් ඒ බව දැන ගත හැකි බවත් පවසා සිටියේය. ඉන් පසුව චන්න ජයසුමන මන්ත්‍රීවරයා මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතාගේ ආචාර්ය උපාධි නිබන්ධනය සභා ගත කිරීමටද කටයුතු කළේය.
බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ බෞද්ධ කටයුතුවලට මෙන්ම හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි කටයුතුවලට ද මුදල් වෙන් කර ඇති බව පෙන්වා දුන් චන්න ජයසුමන මන්ත්‍රීවරයා මෙරට ජනතාව පසුගිය මහා මැතිවරණයේ දී 2/3 ජනවරමක් මෙම ආණ්ඩුවට ලබා දුන්නේ බුද්ධ සාසනය මෙන්ම පුරා වස්තු ද ආරක්ෂා කිරීමට බව පැවසු අතර ආරක්ෂක අමාත්‍යංශය නොවන්නට උතුරේ ජනතාවට අද නිදහසේ ජීවත් වීමට වරම් නොලැබෙන බවද අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More