දේශීය පුවත්

කැලණි විශ්ව විද්‍යාලයට මාස 6ක සිට පුරප්පාඩු වී තිබූ උපකුලපති තනතුර සඳහා නව උපකුලපතිවරයා ලෙස වෛද්‍ය පීඨයේ හිටපු අංශාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පත්කර ඇති බවට වාර්තා වේ.

මෙම තනතුරු සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය වූයේ 1978 විශ්වවිද්‍යාලයට උපකුලපතිවරුන් පත් කිරීම පනතට අනුව පාලක සභා ඡන්දය වැඩි ඡන්ද ලබාගත් සාමාජිකයන් තුන්දෙනෙකුගේ නාමලේඛනයක් ජනාධිපතිවරයාට ලබා දීමෙන් අනතුරුව තුන් දෙනාගෙන් එක් අයෙකු ජනපති තුමන් විසින් ලෙස පත් කිරීමය.

මෙතෙක් පැවති මෙම ක්‍රමවේදය වෙනස් කොට විශ්ව විද්‍යාල කොමිෂන් සභාව නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එම් ක්‍රමවේදයට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා විසින් පත් කරනු ලබන පළමු ඇගයීමේ කමිටු සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත ය. මෙම කමිටුවට විශ්වවිද්‍යාලය කොමිෂන් සභාවේ සාමාජිකයන් තුන්දෙනෙක් සහ විශ්ව විද්‍යාලයේ සාමාජිකයින් දෙදෙනෙකු සමන්විත ය.

මෙම ඇගයීමේ කමිටුව මගින් ඡන්දය ලබා දී ඇත්තේ
පළමු ස්ථානයට ප්‍රියානි පරණගම, දෙවැනි ස්ථානයට කපිල සෙනෙවිරත්න, තුන්වැනි ස්ථානයට නිලන්ති ද සිල්වා, හතරවැනි ස්ථානයට පැක්ට්‍රික් රත්නායක, පස් වෙනි ස්ථානයට ලාල් තිලකරත්න යන මහත්ම මහත්මීන් ය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිහිට වු කවුන්සලය නැවත ලකුණු ලබා දීමක් සිදු කොට ඉහත අනුපිළිවෙලින් පළමු ස්ථානයට ලබාගත් ප්‍රියානි පරණගම මහත්මියට පස්වැනි ස්ථානය හිමිව ඇති බවත් තුන්වැනි ස්ථානයට ඡන්ද ලබාගත් මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පළමු ස්ථානය ලබා ගනිමින් කැලණි විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමිය ලෙස පත් වී ඇති බවට වාර්තා වේ.

මෙම අවිධිමත් ක්‍රමවේදයට එරෙහිව හිටපු උපකුලපතිවරයකු වන ඩි. එම් සේමසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද ගොනු කර ඇති බවට විශ්ව විද්‍යාල ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම අවිධිමත් ක්‍රමවේදයට විරෝධය පා විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ද ලිපියක් ඉදිරිපත් කර ඇති බවටද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More