දේශීය පුවත්

හෙට (27) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

එහි දී සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

එම අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට සහ අනිද්දා (28) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

පෙරවරු 9.30ට සිට පස්වරු 6.30 දක්වා එම දෙදින තුළ අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය පැවැත්වෙන බව සඳහන් වේ.

මේ අතර 09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන දෙදින වැඩමුළුවේ අවසන් දිනය අදයි.

ඊයේ (25) පෙරවරු 9.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්විය.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින සියලු මන්ත්‍රීවරුන්ට මෙම දෙදින වැඩමුළුව සඳහා ආරාධනා කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.

පාර්ලිමේන්තු කටයුතු මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කෙරෙයි.

මේ අතර, නව ආණ්ඩුවේ දෙවන කැබිනට් රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතය.

මින් ඉදිරියට සතියේ සෑම බදාදා දිනකම කැබිනට් රැස්වීම ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.

අද දින රැස්වන කැබිනට් මණ්ඩලයට අමාත්‍යාංශ ගණනාවක කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More