දේශීය පුවත්

13 වැනි සංශෝධනය ඇතුළත් පළාත් සභා ක‍්‍රමය ඉදිරියට ගෙන යා යුතු බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් මැග්ලේ කළ ප‍්‍රකාශය පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා ඊයේ 25 වැනිදා ප‍්‍රතික්‍ෂේප කළේය.

අප රටේ දේශපාලන කටයුතු ගැන තීන්දු ගත යුත්තේ රාජ්‍ය නායකයන් පමණයි. තානාපති නිලධාරීන්ට ඒ ගැන බලපෑම් කිරීමට නොහැකි යැයි හෙතෙම පැවසීය.

ශී‍්‍ර ලංකාව ස්වාධීන රටක් බව පැවසූ වීරසේකර මහතා ජනතාව 2/3 ක බලය ලබාදුන්නේ රාජ්‍ය නායකයන්ට මිස පිටස්තර පාර්ශ්වවලට නොවන බවද කීවේය.

මේ අතර ද්‍රවිඩ සන්ධාන නායකයන් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් මැග්ලේ හමු වී 13 වැනි සංශෝධනය ඉදිරියටත් ක‍්‍රියාත්මක කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.

එම අවස්ථාවට ආර්. සම්බන්ධන් මාවෙයි සේනාධිරාජා. ප්ලොට් නායක සිද්ධාර්ථන්, එම්. සුමන්තිරන් හා ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලානන්දන් යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More