මෙවර ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් පාරිලිමේන්තුවට තේරී පත්වූ රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩුව ඊයේ(25) වන විට විභාග කර අවසන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම ඔක්තොම්බර් මස 21 වන දිනට කල් දමා තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති රන්ජන් රාමනායක මහතා තමා මේ නඩුවෙන් වැරදිකාරයා වීමට බොහෝ විට ඉඩ ඇති බවත් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූවක් බැවින් තවදුරටත් අභියාචනා කිරීමට ඉඩක් නැති බවත් පවසා තිබේ.ඒ අනුව දැන් ඔහුට ඉතිරිව ඇත්තේ දඬුවම් විඳීම හෝ ජනාධිපති සමාව ලැබීම යන කරුණු දෙකෙන් එකක් පමණක් බවත් නීති විශාරදයෝ පෙන්වා දෙති. කෙසේ වුවද ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ලයිස්තුවේ මීළඟට සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නපෙරුම මහතාට රන්ජන් රාමනායක මහතා සිරයට නියම වුවහොත් පාර්ලිමේන්තු යාමට අවස්ථාව සැලසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...