දේශීය පුවත්

කරූට බැහැ!

August 26, 2020 5:21 am | Lanka Lead News

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් පවසා සිටියද ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එසේ කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී. කරූ ජයසූරිය මහතා කතානායක ධූරය භාරගත් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ සියළු තනතුරු පමණක් නොව සාමාජිකත්වයද අත හැරිය බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට අත්‍යවශ්‍ය කොන්දේසිය වූ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ විධායක සභාවේ සාමාජිකයකු විය යුතුය යන කොන්දේසියට කරු ජයසූරිය මහතා යටත් නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ අභ්‍යයන්තරයට පෙන්වා දුන් බව වාර්තා වේ.ඒ අනුව ඊයේ(25) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලයේදී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත්තේ පක්ෂයේ ව්‍යවස්ථාවෙන්ම බාධා ඇති පුද්ගලයන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට යෝජනා කරනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අපේක්ෂා කරන තරුණ දේශපාලඥයන් මීළඟ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඒ සඳහා ඉදිරිපත් විය යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More