දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින කළමනාකරණ ගැටළුවක් වී ඇත්තේ බන්ධනාගාර තුල පවතින සිරකරු තදබදයයි. බන්ධනාගාර තුල ඉඩපහසුකම් ඇත්තේ 11762කට වුවත් දැනට එහි 28750ක ප්‍රමාණයක් සිටින අතර අනුපාතයක් ලෙස ගත්විට එය 250%ක ප්‍රතිශතයක් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (22) කොළඹ පැවති උත්සවයකදී සදහන් කළාය. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබද කාර්යාලය (UNODC), ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග එක්ව බන්ධනාගාර නිලධාරීන් සදහා කොළඹ මූවන්පික් (Movenpick) හෝටලයේ සංවිධානය කල කළමනාකරණ පුහුණු වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කර සිටියේ රැඳවියන්ගේ තදබයට හේතුවක් වී ඇත්තේ රිමාන්ඩ් රැඳවියන්වන අතර, 20000ක පමණ රිමාන්ඩ් රැඳවියන් ප්‍රමාණයක් දැනට බන්ධනාගාරවල සිටින බවයි. මෙම තත්වය සමග කටයුතු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යාවශ්‍ය බව රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. බන්ධනාගාර කාර්ය මණ්ඩල හිගයද බන්ධනාගාර පද්ධතියෙහි පවතින තවත් ගැටළුවක් වන අතර ලෝකයේ දැනට භාවිතාවන ආකාරයේ බන්ධනාගාර කළමනාකරණ පද්ධතියක් හදුන්වාදී ඉදිරියට ගෙනයමින් උක්ත කී ගැටළු විසඳා ගැනීම අත්‍යාවශ්‍ය බවත් නව රජය තාක්ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් බන්ධනාගාර නවීකරණය කිරීම සදහා කැපවන බවත් රාජ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තාමනී කරුණාරත්න, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චාබි , එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනාර් සිගර්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය යන මහත්ම මහත්මීන් සහභාගී විය.
– මාධ්‍ය ඒකකය –
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More