දේශීය පුවත්

කුඩා දරුවන් බොහෝ දෙනා ලිංගික ලෙස හිංසනයට පත් වන්නේ දරුවන්ගේ සමීපතම පුද්ගලයන්න්ගෙ බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. කුඩා දරුවන් විශ්වාසය තබන පුද්ගලයන්ගෙන්ම ඔවුන් හිංසනයට පත්වන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

කුඩා දරුවන් ලිංගික හිංසනයෙන් වලක්වා ගැනීම නීති-රීති මගින් පමණක් සිදුකළ හැක්කක් නොවන බවත්, කුඩා දරුවන්ට පියවරනේ පියවර ලිංගික අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය බවත් ඔහු පවසනවා. අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

ලිංගික හිංසනයට පත්වන බොහෝ දරුවන් තමන් එවැනි හිංසනයකට ලක්වන බව පිළිබඳව හෝ අවබෝධයක් නොමැති බව පෙන්වා දෙන අධිකරණ ඇමතිවරයා පවසන්නේ ලිංගික අධ්‍යාපනය යනු තවදුරටත් දරුවන්ගෙන් සඟවා තබා ගතයුතු, පාපිස්සෙන් වසා තැබිය යුතු කරුණක් නොවන බවයි.

ළමා පරපුරට ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී විවිධ මතවාද පැතිරුනද ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය බව තමාගේ විශ්වාසය බවයි අලි සබ්‍රි මහතා පවසන්නේ. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු සියලු ආයතන එකතු වී සාකච්ඡා කර පියවරෙන් පියවර දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතු බව ඒ ඇමතිවරයා පවසනවා.

පසුගිය රජය සමයේදී පාසල් දරුවන්ට හඳුන්වා දුන් හතේ අපේ පොත අරභයා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළේ එය දරුවන්ගේ සිත් දූෂණය කරන උපක්‍රමයක් හා කුමන්ත්‍රණයක් බවයි.



One thought on “තවත් හංගගෙන ඉන්න බෑ… කුඩා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතුයි – අධිකරණ ඇමති”

Leave a Reply to Desed Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More