අද (20) රැස්වන 9 වැනි පාර්ලිමේන්තුවට සහභාගි වන මන්ත්‍රීවරුන් 223 අතරට නවක මන්ත්‍රීවරුන් 77 දෙනෙකු තේරී පත් වී සිටියි. පාර්ලිමේන්තු ඉතිහාසයේ නවක මන්ත්‍රීවරුන් වැඩිම පිරිසක් තේරී පත් වූයේ මෙම පාර්ලිමේන්තුවට වන අතර නවක මුහුණු පාර්ලිමේන්තුවට යැවීම පිළිබඳව පුරවැසියා තුල බලාපොරොත්තුවක් තිබු බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල වලින් පැහැදිලි විය.
එසේ පාර්ලිමේන්තුවට පත්ව සිටින නවක මන්ත්‍රීවරුන් 77 මෙසේය.
කොළඹ – ප්‍රදීප් උදුගොඩ, මදුර විතානගේ, ප්‍රේමනාත් සි දොලවත්ත, ජගත් කුමාර (පො.පෙ)
ගම්පහ – නාලක ගොඩහේවා, සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂනී ගුණවර්ධන, රුවන්ජිව ප්‍රනාන්දු, මිලාන් සජිත් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ (පො.පෙ)
කළුතර – සංජිව එදිරිමාන්න, අනුප පස්කුවල්, ලලිත් එල්ලාවල (පො.පෙ)
මහනුවර – වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදයන චාමින්ද කිරිදීගොඩ (පො.පෙ)
මාතලේ – නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (පො.පෙ)
නුවරඑළිය – ජීවන් තොන්ඩමන්, මරුද පාන්ඩි රාමේශ්වරන් (පො.පෙ), මයිල්වාගනම් උදයකුමාර් (ස.ජ.බ)
ගාල්ල – චමින්ද සම්පත් අතුකෝරලගේ, ඉසුරු දොඩන්ගොඩ, ශාන් විජේලාල් ද සිල්වා (පො.පෙ)
මාතර – නිපුන රණවක, කරුණාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ (පො.පෙ)
හම්බන්තොට – උපුල් සංජිව ගලප්පත්ති, අජිත් රාජපක්ෂ (පො.පෙ)
යාපනය – සි.වී.විග්නේශ්වරන් (TMTK)
වන්නි – එස්.නෝගරාදලිංගම් (ITAK), කුලසිංගම් තිලීපන් (EPDP)
මඩකලපුව – රාහුල් සාණක්කියා (ITAK), සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (TMVP), අහමඩ් නසීර් (SLMC)
දිගාමඩුල්ල – ඩී.වීරසිංහ, තිලක් රාජපක්ෂ (පො.පෙ) , මොහොමඩ් මුෂාරෆ් (ACMC)
ත්‍රිකුණාමලය – ෂරිෆ් තවුෆික් (ස.ජ.බ), කපිල නුවන් අතුකෝරල (පො.පෙ)
කුරුණෑගල – ගුණපාල රත්නසේකර, අසංක නවරත්න, සමන්ප්‍රිය හේරත්, යූ.කේ.සුමිත් උඩුකුඹුරගේ (පො.පෙ)
පුත්තලම – චින්තක අමල් මායාදුන්න (පො.පෙ), මොහොමඩ් රහීම් (MNA)
අනුරාධපුර – චන්න ජයසුමන, උද්දික ප්‍රේමරත්න, එම්.කේ.නන්දසේන, කේ.පි.එස්.කුමාරසිරි (පො.පෙ), අබ්දුල් රහුමාන්, රෝහණ බණ්ඩාර විජේසුන්දර (ස.ජ.බ)
පොලොන්නරුව – අමරකිර්ති අතුකෝරල (පො.පෙ), කින්ස් නෙල්සන් (ස.ජ.බ)
බදුල්ල – සුදර්ශන දෙනිපිටිය, චමින්ද ජානක තිස්සකුට්ටිආරච්චි (පො.පෙ)
මොනරාගල – ශශේන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, ගයාශාන් නවනන්ද (පො.පෙ), ධර්මසේන විජේසිංහ (ස.ජ.බ)
රත්නපුර – ගාමිණී වලේබොඩ, අකිල එල්ලාවල, මුදිතා ක්‍රිෂාන්ති (පො.පෙ)
කෑගල්ල – රාජිකා වික්‍රමසිංහ, උදයකාන්ත ගුණතිලක, එල්.එච්.සුදත් මංජුල (පො.පෙ)
ජාතික ලයිස්තු
සාගර කාරියවසම්, අජිත් නිවාඩ් කබ්රාල්, අලි සබ්‍රි, ජයන්ත වීරසිංහ, මංජුලා දිසානයක, රන්ජිත් බණ්ඩාර, චරිත හේරත්, යදාමිනි ගුණවර්ධන, සුරේන් රාඝවන්, සිතා අරබේපොළ, ෆලීල් මර්ජාන් (පො.පෙ)
ඩයනා ගමගේ (ස.ජ.බ)
හරිනි අමරසුරිය (ජා.ජ.බ)
තවරාසා තලෙයි අරසන් (TNA)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...