දේශීය පුවත්

ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම උදෙසා එක්සත් ජනපදය උනන්දුවක් දක්වන බව එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.

ඊයේ (17) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවතී සාකච්ඡාවේදී ඇය විසින් මේ බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසීය.

“අද්විතීය ප්‍රතිඵලයක් ලද අති සාර්ථක ව්‍යාපාරයක්” ලෙසට ටෙප්ලිට්ස් මහත්මිය විසින් හඳුන්වන්නට යෙදුන මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ආරම්භයේ දී ඇය අග්‍රාමාත්‍යවරයාට සුභ පතා තිබේ.

නිදහස්, සාධාරණ හා සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණය පවත්වන ලද බවට සඳහන් කරමින් ඇය පවසා සිටියේ “පසුගිය පරිපාලනයේ ප්‍රතික්ෂේප වීමක්” මෙවර ප්‍රතිඵලයෙන් දැකගත හැකි බවය.

” අපි නව රජය සමඟ වැඩ කිරීමට අපේක්ෂාවෙන් පසු වෙනවා” තානාපතිනිය පවසා තිබේ.

නව රජයේ ප්‍රමුඛතාවයන් පිළිබඳ කළ විමසීමට පිළිතුරු වශයෙන්, කොවිඩ් 19 වසංගතයේ බලපෑම හේතුවෙන් ආර්ථික ප්‍රකෘතිකරණය වත්මන් ප්‍රමුඛතාවය වී ඇති බව අග්‍රාමාත්‍යවරයා  විසින් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවට නව ආයෝජන රැගෙන ඒම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා පාලනය සම්බන්ධ ව්‍යාපෘති සඳහා උපකාර ලබා දීම, ප්‍රති-ත්‍රස්තවාදය, මිනිස් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම අන්තර්ජාතික අපරාද සඳහා පිළියම් යෙදීම සම්බන්ධයෙන් ද එම හමුවේදී අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසීය.



One thought on “අමෙරිකානු තානාපතිනිය හොඳ හිතින් ආණ්ඩුවත් එක්ක වැඩේ පටන් ගනී”

Leave a Reply to Rajan Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More