21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවරදී අද (04දා) ආරම්භ වන අතර, අද පැවැත්වෙන සමාරම්භක උළෙලින් අනතුරුව තරග ආරම්භ වීමට නියමිතව ඇත්තේ හෙට දිනයේදීය.
ඒ අනුව හෙට දිනයේදී (05දා) තරග ඉසව් කිහිපයකටම ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඉදිරිපත් වන අතර, එහිදී “ඒ” කොටසින් තරග වදින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම හෙට පෙරවරුවේදී ප්‍රබල ඉන්දියාව සමඟින් පළමු තරගයටත් එදිනම රාත්‍රියේදී ස්කොට්ලන්තය සමඟිනුත් තරග බිමට පිවිසෙයි.
ශ්‍රී ලංකා ජිම්නාස්ටික් කණ්ඩායමේ ක්‍රීඩකයන්ද හෙට මූලික වටයට පිවිසෙද්දී ශ්‍රී ලංකා
ස්කොෂ් කණ්ඩායමේ මිහිලියා මෙත්සරණි හා රවිඳු ලක්සිරි පළමු වටයේ තරගවලට ඉදිරිපත්වීමට නියමිතව ඇත. තවද හෙට ආරම්භ වන පිහිනුම්, මේසපන්දු තරග සඳහාද ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත්වීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් අදින් ආරම්භ වන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්පත් රණසිංහ සහභාගී වීමට නියමිතව ඇති අතර, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ එම ඉසව්වට සහභාගි වන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඔහු (සම්පත්) වීමද විශේෂත්වයකි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට අදාළව පැවැති ජාතික තේරීම් තරගවලදී මීටර් 81.22ක තම හොඳම දක්ෂතාව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් හොඳම තෙවැනි දුර සටහන් කළ සම්පත් මේ වනවිට විසි නව හැවිරිදි වියේ පසුවෙයි.
උණවටුන මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති මොහු පාසල් වියේදී මලල ක්‍රීඩාවන්හි නියැළී නොමැති අතර රග්බි සහ බේස්බෝල් යන ක්‍රීඩාවන් සඳහා දක්ෂතාවන් දක්වා ඇත. කෙසේ වෙතත් මේ වනවිට සම්පත් සුළු ආබාධයකින් පසුවෙන නමුත් එම ආබාධය ඉදිරියේදී සුව අතට හැරෙන බවට විශ්වාසය පළ කරයි.
‘මම සුළු ආබාධයකට ලක්වෙලා හිටියෙ. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට පුහුණුවීම්වලින් විවේක ගන්නට කාලයක් තිබුණෙ නෑ. ආබාධය කාලයත් එක්ක නරක අතට හැරුණ. ඒත් ප්‍රතිකාර එක්ක දැන් ආබාධය සුව අතට පත්වෙමින් තියෙන්නෙ. පුහුණුවීම් කටයුතුවලදි ප්‍රශ්නයක් වුණේ නැහැ. මට තව දවස් දහයක් තියෙනවා ඉසව්වට සූදානම් වෙන්න’ යනුවෙන් සම්පත් ඊයේ සඳහන් කළේය.
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සහභාගිව සිටින ඉන්දීය කණ්ඩායම නැවතී සිටින පුහුණු කඳවුරෙන් එන්නත් විදින සිරින්ජරයක් හමුවී තිබීම හේතුවෙන් ඉන්දීය බලධරයන් නොසන්සුන්තාවට පත්ව ඇති බවද පැවැසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...