Uncategorized

එජාපය තරුණ නායකයෙකුට

August 14, 2020 3:55 pm | Lanka Lead News

පක්ෂයේ නිශ්චිත වගකීම් තරුණ නායකත්වයක් යටතට පැවරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(14) තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස් වු අතර එහිදී පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් දීර්ඝ සමාලෝචනයක් ද සිදුකෙරිණ.

එ අවස්ථාවේදී අදහස් ඉදිරිපත් කළ සියලු දෙනා මතුකළ කරුණ වූයේ පක්ෂයට නව නායකත්වයක් ඇති කරගැනීම සඳහා පාක්ෂිකයන්ගේ ද අදහස් වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් කඩිනමින් පියවර ගතයුතු බවයි.

ඒ අනුව නායකත්වය අපේක්ෂා කරන සියලු දෙනාටම ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදෙමින් පාක්ෂිකයන්ගේ ද අදහස් වලට ප්‍රමුඛතාවය ලබා දෙමින්, ජාතික අපේක්ෂාවන් හඳුනාගත් නව තරුණ නායකත්වයක් තෝරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට එහිදී එකගතාවය පළවිය.

ඒ අනුව හඳුනාගත් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අය අතරින් රටට සහ පක්ෂයට ගැළපෙන තරුණ නායකත්වය තෝරාගැනීමට නියමිතය.

එහි ආරම්භක පියවර ලෙස පක්ෂයේ තරුණ නායකයින්ට නව වගකීම් පවරමින් ක්‍රියාකාරී යාන්ත්‍රයක් සකස් කෙරෙන අතර එහිදී සාර්ථකව තම වගකීම් ඉටු කිරීම සහ පාක්ෂිකයන්ට සමීපවෙමින් ඔවුන් දිනා ගනිමින් කටයුතු කිරීම ආදී කරුණු ද සැලකිල්ලට ගනිමින් පක්ෂය සහ පාක්ෂිකයන් තුළින් ම ගොඩනැගෙන තරුණ නායකයෙකුට නුදුරේදීම එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිරිනැමීමට තීරණය වු බව එජාප මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More