මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලංසු වශයෙන් ඉදිරිපත් කර ඇති මොනර කොළවලට අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට බලපෑමක් කිරීමට නොහැකි වුවහොත් අගමැතිවරයාට අද රාත්‍රියේ ගෙදර යන්නට සිදුවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවැසීය.
විශ්වාසභංගය අනිවාර්යය ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැති වුවද මොනර කොළ රැගෙන මන්ත්‍රිවරුන්ගේ ගෙවල් අවට සැරිසරන ජීප් රථවලින් බේරිල්ලක් නැති බව හෙළිවී ඇතැයිද වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙම අනාවරණය කළේ ඊයේ (3දා) පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේ පැවැති ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...