පුරවැසි කොලම

අත්‍යවශ්‍ය කරුණු ලුහුඬින් දැක්වුවත් මග හැරිය නොහැකි කරුණු එකතුවක් නිසාවෙන් අන්තර්ගතය තරමක් දීර්ඝ වුනා.

🔴 ජනාධිපති නිතික්ඥ අලි සබ්‍රි මහතා මෑතකදී කරලියට එන්නේ 2019 අප්‍රේල් 21 ප්‍රහාරයත් සමග. ඊට පෙර ඔහු ද සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆෙඩ්රිකා ජෑන්ස් නඩු කටයුත්තෙදි එවක ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියා. ඉන් පසු, ගිය වසරේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය මහතාගේ ඇමෙරිකන් පුරවැසිභාවයට අදාළව නඩු කටයුත්ත වෙනුවෙන් ජේෂ්ඨ ජ.නි. රොමේෂ් ද සිල්වා මහතා ප්‍රධානීත්වය දැරූ නීතිඥ මණ්ඩල සාමාජිකයෙක් ලෙසත් පෙනී හිඳියා. සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ රොමේෂ් අත ගහන වැඩ පරදින්නේ නැහැ කියල. ඒ නඩු කටයුත්තේදී, අලි සබ්‍රි මහතා කැපී පේන්නේ, ඔහු වැඩිපුර මාධ්‍ය ආවරණයන් සහ හමුවලට දැක්වූ උනන්දුව නිසා කිවුවොත් වැරදි නැහැ. මේ තත්ත්ව යටතේ, අලි සබ්‍රි මහතා ජනාධිපතිතුමාගේ විශ්වාසය දිනාගැනීම සහ ජාතික ලැයිස්තුවේ ඉහලින්ම පත්වීම ගැන පුදුමයක් නැහැ.

මුලධර්මවාදී අන්තවාදය විවිධ ප්‍රවේශයන්ගෙන් එන්න පුළුවන්. සමහරක් විට එය කලු ලෝගුවෙන් එනකොට (මේක සාපේක්ෂව අහිංසක මෝඩ ත්‍රස්තවාදයක්), තවත් සමහර ඒවා බැක්පැක් විදිහට එනවා, තව සමහර ඒවා ඉතාම මෘදු පොෂ් උපාංග වලින් අයිසින් කරල නියම ප්‍රශ්ණය ගැන බරපතල ලෙස සැලකිලිමත් නොවෙන බහුතරයේ කන් වලට මී පැණි වගේ වෙඩි ලුණු වක් කරලත් එන්න පුළුවන් බව දශක 4කට වඩා වැඩි දෙමළ වාර්ගික ත්‍රස්තවාදී ගිණි පෙලෙල්ලෙන් බැට කාපු අපි කවුරුත් දන්නා කරුණක්.

කොහොම නමුත්, අලි සබ්‍රි මහතා අවස්ථා කීපයකදී වහාබ්/ජිහාඩ් අන්තවාදයන් සම්බන්ධව දැක්වූ පරස්පර අදහස් රාශියක් නිරික්ෂනය වෙනවා. ඒවා පිලිවෙලින් මේ සමග එකතු කරනවා.
.
.
🔴 2018 වර්ෂයේ “වහාබ්වාදය මුස්ලිම් විරෝදී ගැටුම් වලට හේතුව නොවේ” යන උදෘතය යටතේ පළවූ මාධ්‍ය වාර්තාවක අලි සබ්‍රි මහතා කියනවා[1],
Ali Sabry meanwhile believes that there are regional and international players with regional and international agendas trying to create divisions and diversions of the real cause and the real problems amongst the Sri Lankans.
“Of course we need to address the root cause. But to exaggerate that Sri Lankan Muslims are somewhere close to any sort of insurgency is absolute rubbish and nonsense,” he told Ada Derana.”
අන්තර්ජාතික සහ කලාපිය මැදිහත්වීමෙන් ලංකාවේ බෙදීම් ඇති කිරීම මුලිකම ප්‍රශ්නය බව. එයට විසදුම් සෙවිය යුතු නමුත් මුස්ලිම් ජන කොටස් ත්‍රස්තවාදය හෝ කැරැල්ලකට අර අදින බව කීම එක දෙක කරල කියන සපුරා ප්‍රතික්ෂේප කලයුතු විකාරරුපි කිසිදු වැදගත්කමක් නැති අදහසක් බව.

“Mr Sabry said that there is absolutely no basis at all to the reports “painting a very bleak picture” about certain well-known Islamic priests who have come to Sri Lanka, probably one a year. “They never ever advocate any sorts of hardlining.”
ඉස්ලාම් ඉගැන්වීම් වලට පැමිණි සමහර ඔවුන්ගේ ආගමික නායකයන් සම්බන්ධව විකුර්ති කරන ප්‍රතිරුප පැතිරීම ස්ථිර ලෙසම කිසිම පදනමක් නැති බව.

දැන් එතකොට ඕනෙම කෙනෙක්ට රුජුවම ප්‍රශ්න 3ක් එනවා.
▪️එක තමයි, දැන් එතකොට ඊට අවුරුද්දකට පස්සේ මිනිස් බෝම්බ විදිහට පත්තු වුනේ සිංහල බෞද්ධයොද, දෙමළ හින්දුන්ද?

▪️දෙක තමයි, ජාතික, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන අලි සබ්‍ මහතා නීතිපති දෙපාර්තමේන්තුව පවා බරපතල ගනයේ පරීක්ෂණයක් තිබු තරමට ලංකාවේ වහාබ්/ජිහාඩ් අන්තවාදය පැතිර තිබු බව නොදැන සිටියේද? එක්කෝ තමන් සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස යහපත් සමාජයක් වෙනුවෙන් පෙනී ඉන්නවා කීම බොරුවකි. ඒ ඔහු ඔහුගේ මුස්ලිම් සමාජය ගැන අපිට පවා දැනු ගිණියම දැනගෙන හිඳ නැත, නැත්තන් ඔහු එවක ඔවුන්ගේ සමාජයේ කාටත් පෙනෙන්නට තිබු අළු යට ගිනි නිර්ලජ්ජිත ලෙස වසා දමා එහි වරදත් පොදු සමාජයට (සිංහල සමාජයට) දමා ගැසීමට කල සවිඤානික ප්‍රකාශයකි.

▪️තුන තමයි, ඔහු මෙතන ඊළඟට සදහන් කරන විවාදයට තුඩු දුන් මුස්ලිම් පුජකයා අසාද් සාලි මහතාගේ ආවරණය ලැබුණු අයිසිස් ඉගැන්වීම් කල මුස්ලිම් පුජකයාද? එහෙම වුනොත් අපිට බුදු සරණයි. මෙතුමා ගෝඨාභය ජනාධිපති ළඟ ඉන්න කෙනෙක් නිසා, එසේ නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. කෝකටත් හොයල බලන එක කාගේත් ඇඟට ගුණයි.
.
.
🔴 ඉන්පසුව 2019 අප්‍රේල් 21 ප්‍රහාරයේදී ප්‍රකම්පනයට පත්වුණු සමස්ථ සමාජය අස්වැසීම වෙනුවෙන් වූ මාධ්‍ය වැඩසටහන් වලට ඔහු සක්‍රියව මැදිහත් වෙනවා. එම මැදිහත් වීම් වලදී පෙනී සිටි සෑම මාධ්‍ය සාකච්චාවකදීම අපි කවුරුත් ඉතාම සතුටක් සහ ප්‍රියභාවයකින් ඔහුව වැළඳගත්තා. ඊට රුජුවම හේතුවුනේ, ඒ වෙනකොට පැවති, දැඩි සමාජ ආතතික තත්ත්ව යටතේ මුස්ලිම් සමාජයෙන් වරදක් තියෙන බව කියන ලෙස දැකීම. අපි සාතිශය බහුතරයම චුන් වුනේ ඒ කාරණයට කියලයි මම දකින්නේ. නමුත් ඔහුගේ කථාවල සාරාංශය වුනේ[2],
“සියවස් 11ට වඩා ලංකාවේ මුස්ලිම් ජනතාව ජීවත්වෙනවා. මේ ප්‍රශ්නෙදි ඔවුන්ගේ වරදක් තියෙන බව පිලිගන්නවා. මෙතන අවුල වුනේ දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ මුස්ලිම් සමාජය අරාබි සංස්කෘතියේ සමහර සංස්කෘතික පුරුදු ආරෝපණය කරගන්න උත්සාහය කිරීම. නමුත් මේ නිසා ඔවුන් අන්තවාදයට පෙළබුනේ නැති බවත් කියනවා. වරද හැටියට දකින්නේ, ඒ නිසා මුස්ලිම් සමාජය පොදු සමාජයෙන් ව්‍යුක්ත වීම. එතනින් එලියට එන්න ඕනේ. එතනින් එලියට ඒමට පොදු ශ්‍රී ලාංකීය ජාතියක් සහිත සමාජයක් ගොඩ නගන්න ඕනේ. මෙතැනදී පොදු සමාජයත් වැරදියි. ඔවුන්ට තිබ්බ ව්‍යුක්ත වෙන්න උත්සාහ කරන මුස්ලිම් සමාජය එතෙන්ට නොදී වලක්වා ගන්න. එහෙම නොවුනොත් වෙන්නේ මේ දුරස්ථභාවය වැඩි වෙන එක.”

දැන් මේ අදහසේ බැලු බැල්මට ලොකු අවුලක් නැහැ. ඔහු මාරයි වගේ එකක් තමයි ගම්‍ය වෙන්නේ. මේ නිසාම වහාබ් අන්තවාදයේ ගැඹුරක් නොදන්නා කොළඹ පදනම් කරගත් ලණු අඹරාගෙන ගිලින්න සමත් ස්මාට් සමාජය වේගයෙන් ඔහුව මැදිහත් මුස්ලිම් ආගමිකයෙක් ලෙස පිළිගත්තා. ඒක එහෙමම වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්ණය තියෙන්නේ ඔහු දරන මේ මතයේම බවයි මේ වහාබ් අන්තවාදය ගැන ආසන්න හෝ රළු හැදෑරීමක් තියෙනවා නම් තේරෙන දේ. ඒකෙන් කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ, මම එතුමා අන්තවාදී ගොඩට දමන බවට. මෙය හුදෙක් එතුමාගේ ස්ථාවරය සම්බන්ධව රුජු විවේචනයක් පමණයි.
වහාබ් හැදෑරීම තුලින්, රටකට හිමිකම් කියාපෑමට සහ ඒ තුලින් ඔවුන්ගේ ආක්‍රමණික මැදිහත්වීමට ආගමික ඉගැන්වීම් හරහා තමන්ගේ ප්‍රජාවත් ව්‍යාජ ඉතිහාස මාතෘකාවන් හරහා එසේ නොවෙන ප්‍රජාවත් ඒත්තු ගැන්වීමක් කරනවා.

මේ ස්ථාවරය හරහා පැන නැගෙන ගැටළු

▪️පළමුව, ලංකාවේ මුස්ලිම් ජන කණ්ඩායමේ ඉතිහාසයේ සියවස් 11ක් වෙනවද? මේ සම්බන්ධව කිසිම පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නැහැ. ඒ වෙනුවට ඔවුන් විසින් නිර්මාණය කල ආදම්ගේ පාදය සහ සියවස් 13ට දක්වා ගොඩ නැගු භාවාත්මක ව්‍යාජ ඉතිහාසයක් පමණයි තියෙන්නේ. මුස්ලිම් නෙමෙයි, ලංකාවේ ජීවත්වෙන දෙමළ සමාජයත් ලංකාවේ ස්ථිර පදිංචිය තිබු බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි පවතින්නේ ක්‍රි.ව. 12නි සියවසේ සිට[3]. මේ කියන විදිහට ලංකාවේ මුස්ලිම් සමාජය දෙමල සමාජයටත් එහා තවත් සියවස් 5ට වඩා ඉතිහාසයක් තියෙනවා. (මේවා අහිංසක වැරදි වගේ පෙනුනට අහිංසකම වැරදි නොවෙන බව තෙරුන් යන්නේ එය ඔහුගේ වෙනත් ස්ථාවරයන් සමග එකට තියල බලද්දී) ලංකාවේ ඉස්ලාම් ආගම අදහන ජනකණ්ඩායම් වල ස්ථිර වාසස්ථාන වලට අදාළ වෙන්නේ ක්‍රි.ව. 16/17 සියවස් වලදී බවයි විදිමත් ඉතිහාස සහ පුරාවිද්‍යා හැදෑරීම් වලින් කියවෙන්නේ. වෙලදාම් වලට ආපු ගියපු පලියට ස්ථිර ජනාවාස පිහිටවූ බව වූ අදහස අමු මිත්‍යාවක්.

▪️දෙවනුව, ඒ ඔහු කියන “ආරාබි සංස්කෘතියේ සමහර සංස්කෘතික කාරණා” යන යෙදුමෙන් ඔහු අයිසින් කරන්නේ “වහාබ් අන්තවාදය” බවයි මගේ අදහස. එය එසේ නොවේ නම් ඔහු ඊට අදාලව සමාජයේ සිදුවූ වෙනසට අදාළ මුලධාර්මික, දාර්ශණික හෝ ආගමික පසුබිම පිලිබද විග්‍රහයක් කල යුතුයි. වහාබ් අන්තවාදයේ නුතනත්ව බිහිදොර වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවීමට පෙර පැවති සවුදි අරාබිය[4, 5]. එහි තවත් දිගහැරුමක් වන අයිසිස්, අල් නුස්රා ජිහාඩ් අන්තවාදයන් වර්ථමානයේ පෝෂණය කරන්නේ කටාර් රාජ්‍යය. කටාර් සහ සවුදි රාජ්‍ය අතර මිට අවු. කීපයකට පෙර සිට පැවතෙන සිතල යුද්දයේ එක කොණක් ත්‍රස්තවාදයන්ට රාජ්‍ය අනුග්‍රහයන්ද ඇතුලත්. සියලු වර්ගවාදයන්ට ලෝක දේශපාලනයේ නව-ලිබරල් ක්‍රමයේ අනුග්‍රහය එහි බලපෑම් සහගත මැදිහත්වීම වෙනම සන්ධර්භයක කථා කල යුතු මාතෘකාවක්. එයින් ඉස්ලාම් අන්තවාදයේ ප්‍රශ්ණය තියෙන්නේ, නව-ලිබරල් හාම්පුතුන් විසින් ඔවුන්ට දුන් මේ දායාදය, ඉස්ලාම් සමාජය අල්ලාහ් තුමාගේ ආගමික ඉගැන්වීම ලෙස ගෙන දැන් එය ඔවුන්ගේ ව්‍යාපෘතියක් කරගෙන තිබීම.

සබ්‍රි මහතා මෙතන විශාල කථාවක්‌ ලඝු කරලා කියන සෝ කෝල්ඩ් ඊනියා “අරාබි සංස්කෘතික කාරනා” අහම්බයෙන් රටට ඇතුල්වෙන්නේ නැහැ. ඊට පසුබිම වැටෙන්නේ රුජුවම 100%ම වහාබ් ඉගැන්වීම් ලාංකීය මුස්ලිම් සමාජයට ක්‍රමයෙන් දශක 3/4ක් තිස්සේ ඇතුලත් කිරීම හරහා. අප්‍රේල් 21 වැනි මහා විනාශයක් හමුවේ පවා ඔහු නියම ගැටලුව හුවා නොදක්වා එය නොසලකා ඒක අරාබි සංස්කෘතික වචනයකින් අයිසින් කරේ ඇයි?

▪️තෙවනුව, ඔහු කියනවා, ලංකාවේ මුස්ලිම් ජනතාව ඒ ඊනියා “අරාබි සංස්කෘතික කාරණා” ඇතුලත් කරගැනීම හරහා අන්තවාදයකට තල්ලු වුනා කියල පිළිගන්න බැහැලු. හරි වැඩේ තමයි, එතකොට සහරාන්ලා නමැති මිනිස් බෝම්බය නිෂ්පාදනය දක්වා එන්න මුලධාර්මික පදනම වැටුනේ (වහාබ් අන්තවාදී ඉගැන්වීම් වලින් පෝෂණය වෙලා) ඊට අවශ්‍ය සරු සාරවත් පෝෂණ මාධ්‍යය සපයපු පොදු සමාජයෙන් ව්‍යුක්ත වුන මුස්ලිම් සමාජයම නෙමෙයිද? (සහරාන්ලා ගැන මවුලවිලා රාජ්‍ය අංශ වලට පැමිණිලි කරා වැනි යෙදවීම වලින් ඔවුන්ගේ දශක 4 කට එහා කාලයක සිට සැලසුම් සහගතව වර්ධනය කරගත් අභ්‍යන්තර අර්බුධය අහිංසක කරන්න බැහැ. සහරාන් කියන්නේ, එහි තවත් එක අනිවාර්ය අතුරු ඵලයක් විතරයි.

▪️සිවුවනුව, ඔහු කියනවා ප්‍රශ්ණය හැටියට දකින්නේ ලාංකීය මුස්ලිම් සමාජය පොදු සමාජයෙන් ඉවත්විමලු. නමුත් පොදු සමාජයෙන් ඉවත්වීම ඇතුලත් වෙන්නේ රෝගය හෝ රෝග නිධානය යටතට නෙමෙයි. එය රෝගයේ ලක්ෂණයක් පමණයි. මේකත් සැබෑ ප්‍රශ්නයේ දිශානතිය, ඔහු කැමති දිශාවකට කරකවන්න ගන්න උපක්‍රමයක් හැටියටයි නිරීක්ෂණය වෙන්නේ.

▪️පස්වනුව, ඔහු කියනවා, මුස්ලිම් සමාජය මෙසේ පොදු සමාජයෙන් විතැන් වීමට විසදුම වෙන්නේ, ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩ නැගීම කියල. එතකොටලු, එයාලට මේ මහා ප්‍රවාහයේම ඉන්න බව (inclusive nationalism) එයාලට දැනෙන්නේ. එතනදී එන අතුරු ප්‍රශ්නේ තමයි. වැරදියට හරි ඔහු කියන, මිට සියවස් 13ක් තිස්සේ ලංකාවේ ජිවත් වූ මුස්ලිම් ජනතාව හිටියේ පොදු සමාජයෙන් ව්‍යුක්ත (exclusive model) එකකද, නැත්තන් සමාන්තර ලෝකෙක තිබ්බ ලංකාවකද කියන කාරණය.

ඒ අදහස තුල වංචාවක් ගබ්වා තියෙනවා කියල අදහස ගම්‍ය වෙනව කියල උනන්දුවෙන් බලන කෙනෙක්ට තේරෙනවා. ඒ කියන්නේ, දැන් ඔහු 4නි කරුනේදී “රෝග ලක්ෂණය” “රෝගය” හැටියට නිගමනය දීලා, එයාල බලෙන් හදාගත්තු ඒ ලෙඩේ සනීප කරන්න කොහෙවත් නැති අදාලම නැති විසදුමක් ඉල්ලනවා. ඒක හරියට, තව කෙනෙක්ගේ උණ රෝග (ලක්ෂණය) සනීප කරන්න ඒ ලෙඩේ අහලකවත් නැති කෙනෙක්ගේ ඇඟටත් අල්ලලා උණ පත්තුවක් බදින්න යෝජනා කිරීමක්. එයා කියන විදිහට ගැටලුව “අරාබි සංස්කෘතික කාරණා අවශෝෂණය හරහා පොදු සමාජයෙන් විතැන් වීම” නම් කල යුතුව තියෙන්නේ, “නොගැලපෙන අරාබි සංස්කෘතික කාරණා ප්‍රතික්ෂේප කරලා” සාමාන්‍ය යථාතත්වයට පත්වීමේ ස්වයං විවේචනයේ සහ ක්‍රියාත්මකවීමේ ප්‍රතිකාරය නෙමෙයිද? පොල්ලෙන් ගැහුවා වගේ පිළිතුර අතේ තියෙද්දී, මේ වටේ කැරකෙන්නේ සහරාන්ගේ වහාබ් දෘඪ ප්‍රහාරයේ 2නි අදියර වන මෘදු ප්‍රහාරය දියත් කිරීම බවයි බැලු බැල්මට පෙනී යන්නේ. මොකද, එය රුජුවම ඇතුලත් වෙන්නේ, ලංකාවේ සහශ්‍ර වර්ෂ 2.5 අධික අනන්‍ය සංස්කෘතික ආගමික අනන්‍යතාවයක් පවත්වාගෙන ආ සිංහල ජාතිය නමැති මුදුල් මුලට එල්ල කරන රුජු ප්‍රහාරයක් ලෙස. මේක අලි සබ්‍රි මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන එකක්ද කියන්න දන්නේ එතුමාගේ හ්ර්දශාක්ෂිය. එසේ නොවන්නට, ඔහුම කියන රුජු ප්‍රශ්නයට විසදුම ඔවුන්ගේ වරද නිවැරදි කරගැනීම විනා එවැනි ප්‍රශ්නයක් නැති සිංහල සමාජයේ පත්තු බැඳීමේ ඉල්ලීම විහිළු සහගතයි.

(ඊට සමගාමිව හිටපු අගමැති රනිල්ට නියෝ-ලිබරල් හාම්පුතුන්ගේ ආධාර දෙන සංවිධාන විසින් බලපෑම් කල සිදුකරන්නට යෙදුන[6, 7] උප්පැන්නයේ වෙනස්කම් අරමුණත් 2018/9 වසර වල ක්‍රියාත්මක කරණයේ යෙදුනා. මේවයේ අහඹු සමපාත වීම්, සිදුවීම් වශයෙන් අහඹු විමේ විය හැකියාව තිබ්බත් වුනත්, මුලධර්ම වශයෙන් අහඹු ඒවා නෙමෙයි.)

▪️හයනුව, ඔහු කියනවා මුස්ලිම් ජනකණ්ඩායම් පොදු සමාජයෙන් විතැන්විම පොදු සමාජය එතෙන්ට නොදී නවත්ත ගන්න ඕනෙලු. ඉතින් හත් දෙයියනේ, පොදු සමාජය මොනවද ඒ වෙනුවෙන් කරන්න ඕනේ. ඔයා කියන ශ්‍රී ලාංකීය ජාතිය පිළිගැනීමද? වෙනත් දෙයක්ද? නැත්තන් තව තවත් මද්‍රාසා, අන්තවාදී විදේශීය පුජකයන් ආනනයට ඉඩදීම, නගර වල පල්ලි ඝනත්වය වැඩි කරන්න සහය දීම, පන්සල් දාගැබ් ඩෝසර් කරන්න ඉඩදීම, ඉතිහාසය ආක්‍රමණය කරන්න ඉඩදීම වගේ දේවල්ද, අපි කන බොන එකේ පටන් අදින පළදින දේ දක්වා හලාල් සහතිකය නිකුත් කිරීමේ නිදහස වැනි ඔවුන්ගේ සියලුම වාර්ගික සහ අන්තවාදී ඉල්ලීම් ඉවසල ඉදිමද.

▪️හත්වනුව කවුරු හරි, අලි සබ්‍රි මහතා මුස්ලිම් සමාජය විසින් භුක්තිවිදින ළමා විවාහද ඇතුලත්ව විවාහ නීති, කාති උසාවියේ සිට ඔවුන්ටම විශේෂකොට පනවාගත් බැංකු ක්‍රම දක්වා වූ “සියලු වාර්ගික සහ ආන්තික ඉල්ලීම්” (අතරින් පතර කෑලි නොවේ) වලට එරෙහිව හඬක් නගා ඔවුන්ගේ ඒ සියලු වාර්ගික පනවා ගැනීම් වලට එරෙහිව පෙනී ඉන්නවා දැක්කද. මේතාක් මම දැකල නැහැ. ඒ වෙනුවට ඔහු සෑම තැනකම දකින්නේ, අපෙත් අවුලක් තියෙනවා තමයි, ඒ අවුලට පොදු සමාජයත් වගකියන්න ඕනේ, ඒකට (මැජික්) විසදුම තමයි ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩ නැගිය යුතු යැයි කීම.
.
.
🔴 අවසාන වශයෙන්, මෙතැනදී සාෆි වයිද්යවරයාගේ මැදිහත්වීමෙන් ගැබිණි මවුවරු ඉලක්ක කරලා සිදුවන්නට යෙදුන ගැටලුව ඔහුගේ මැදිහත්වීමෙන් යටයාමද ඇතුලත් විය යුතුයි. ඒ වකවානුවේ ඔහු කියනවා, මේ පිළිබඳව ඔහු අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව [8] සහ අනිත් කඳවුරු වල මෙන්ම මහින්ද කඳවුරේත් අන්තවාදය (මෙතන ඔහු කියන්නේ ඊට අදාල මහාචාර්ය චන්න ඉදිරිපත්වුණු කියවීම සිංහල අන්තවාදී බව) පවතින බව. අවාසනාවකට ඒ සම්බන්ධ කථිකාව ඉතාම අභිරහස් ලෙස යටගියා. සුපුරුදු අහිමිවීම සිංහල මවුවරුන්ට පමණයි.
.
.
මේ තත්ත්ව යටතේ, සියලු වර්ගවාදයන්ට කිස් කන පිළිතුරක් ලබා දෙමින් සිංහල බෞද්ධයාගේ රුජු ඉල්ලීම සහ කැපවීමෙන් පත් කරගත් රුවන්වැලි මහා සෑය අභියස දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ සියලු කෙනෙහිලිකම් මධ්‍යයේ සිංහලයාගේ සහයෙන් නැවත බලයට පත්වුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කඳවුරේ ඔහුගේ ස්ථාවරය ඉතාම ගැටළු සහගතයි.
.
.
ගෝඨාභය ජනාධිපතිතුමා පාලන කාලයේදීම, මේ වර්ගවාදී වහාබ් ව්‍යාපාරයට තව අමතර ඉල්ලීම් දිනාගැනීම නොව ඔවුන් දැනටමත් දිනාගෙන ඇති වර්ගවාදී ජයග්‍රහණ රැකගෙන අවු. 5ක් හෝ 10ක් ශිශිරතරණය (හයිබර්නේට්) වීමට ඇත්නම් එය ඔවුන්ගේ ජයග්‍රහණයක් බව නොකිවමනාය. එසේම, පොදු ජනතාවගේ පැත්තෙන්, මේ ප්‍රශ්නයටද පෙර රාජ්‍ය නායකයන් චාටු බස් වලට රැවටී එල්ටිටියි ත්‍රස්තවාදී ගැටලුව උඩු දුවන්න දී මහත්ම සමාජ ව්‍යසනයක් වෙන්නට ඉඩ දී, ඔබ තුමාගේ මැදිහත්වීමෙන් 2009 දී විසදුවාක් මෙන්, චාටු බස් නමැති අගලේ නොවැටී තවත් ජනාධිපතිවරයෙක්ට එය ඉතිරි නොකර මීටද ස්ථිරසාර රුජු විසදුමක් ලැබෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.
.
ඔබතුමා යටතේ, අපිට මිට විසදුමක් දිගත/ ලබාගත නොහැකි නම්, සම්‍යක් දුෂ්ඨික දෙවියන් හැර විසදුමක් දෙන්නට හෝ ඉල්ලන්නට කෙනෙක්ද අපිට නැති බවද සිහිපත් කල යුතුය. (බටහිර ප්‍රමුඛව ලෝකයේ පවතින නියෝ-කොන්ස්ර්වේටිව් දේශපාලන පරිසරයද ඊට සාධනීය පරිසරයක් නිර්මාණය කර ඇති බවද මතක් කරමි.)
.
.
මේ සටහන කිසිසේත්ම අලි සබ්‍රි මහතා පිළිබඳ ගැන ද්වේෂයකින් එකතු කරන්නක් නොව, එතුමාගේම මාධ්‍ය වාර්ථා/ කියවීම් සම්බන්ධව විවුර්ථ ලුහුඬු විචාරයකි. එතුමාට මිට නිදහස් පිළිතුරු තියෙන්න පුළුවන්. ඊටත් නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ඉඩක් තිබිය යුතුයි. හිරිහැරයක් නොවන තාක් අනෙකාව ඉවසීම ගරු කිරීම මහා සංස්කෘතියෙන් සිංහලයාට උරුම වූ දායාදයක් ලෙස සලකමු.
.
.
☯️ අමතර එකතු කිරීම:
ලංකාවේ අන්තවාදී වහාබ්වාදයට විසදුම් දෙකක් මම දකිමි.
▪️එක, මුස්ලිම් සමාජය තමන්ගේ මේ ප්‍රශ්නය දැක, එය පිළිබඳව ස්වයං විවේචනයක් සිදුකර ඔවුන් විසින්ම යථා තත්වයට පත්වීමයි. (එය සිදුවෙනවා නම්, එය අවංක උත්සාහය දකින සිංහල සමාජය අන්න එතැනදී උවමනා සහයක් ඇත්නම්, ඒ සහය ලබා දීමට ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වනු ඇත.)
▪️දෙක, එසේ නැතතොත් රාජ්‍ය මැදිහත්වීමෙන් හොදින් හෝ නරකින් අහිංසක මුස්ලිම් සමාජය වෙලාගෙන සිටින මේ පිළිකාව ඉවත් කිරීමට කටයුතු කර ඔවුන්වද එයින් ගලවා පොදු සමාජයද එහි රුජු වක්‍ර හානි වලින් ගලවා ගැනීම (මානුෂික මෙහෙයුම II).

Chaaminda Wijekoon

.
.
🧩 අදාල ඇමුණුම්:

[1] 2018 මාර්තු 18: Wahhabism not the root cause for anti-Muslim violence – experts http://www.adaderana.lk/news.php?mode=beauti&nid=46455

[2] 2019 අප්‍රේල් 25: සිත FM වැඩසටහන https://youtu.be/kP2hZMJTXMQ

[3] K. Indrapala, “Dravidian Settlement In Ceylon”, Ph.D. Thesis, University of Jaffna, 1965

[4] “Spread of Wahhabism was done at request of West during Cold War” – Mohammad Bin Salman, Saudi crown prince https://www.facebook.com/photo.php?fbid=10156096511832778

[5] Triumph to World Peace https://www.facebook.com/photo.php?fbid=10155767341022778

[6] ඊට මුල් වූ එවක විෂයභාර ඇමති වජිර, එවක අගමැති රනිල් උප්පැන්නයේ කරුණු වෙනස් කිරීමට ආධාර දෙන කණ්ඩායම් දැක්වූ බලපෑම හෙළි කිරීම

[7] නියෝ-ලිබරල් (සෝ කෝල්ඩ් අන්තර්ජාතික ප්‍රමිති) ව්‍යාපෘතිය චුන් කරන අලුත් උප්පැන්නය

නියෝ-ලිබරල් (සෝ කෝල්ඩ් අන්තර්ජාතික ප්‍රමිති) ව්‍යාපෘතිය චුන් කරන අලුත් උප්පැන්නයඅමාත්‍ය Wimal තහවුරු කල පරිදි වැඩ…

Gepostet von सिरूवीर ठकिर्ल am Samstag, 25. Juli 2020

[8] Fact Check: Ali Sabry States That Dr. Safi Saga Was Staged By SLPP?
https://srilanka.factcrescendo.com/…/fact-check-mohamed-al…/

(උපුටා ගැනීමකි)

[This post only provides readers with a philosophical and/or sociopolitical analysis of the world within and around them. It has been carefully checked by this publisher for any possible violations of Facebook Community Standards (including but not limited to safety, voice, and equity). The author has not incited hatred towards any group of people based on their race, ethnicity, national origin, religious affiliation, or any other demographic, through this post. In fact, the objective of this publisher is to create true harmony. However, please note that automated direct translations of this post might still generate distorted or ambiguous meanings due to lack of focus of such techniques on context and inherent complexities of the Sinhala language.]



2 thoughts on “අලි සබ්‍රි මහතා සහ ලංකාවේ දෘඪ සහ මෘදු වහාබ් අන්තවාදී ව්‍යාප්තවාදය”

  1. සාක්ෂි සහිත ව්චාරයකින් දැනුවත් කිරීම ගැන ස්තුතිය.
    කවුරු මොනවා කිව්වත් මොහු ඉතා සියුම් අන්තවාදීයි. ඉතා විමසිල්ලෙන් සිට්න්න.
    මොවුන්ගේ පැරැණි ක්‍රියාවලින් බිඳක්.
    බණ්ඩාරනායක මැතිනියගේ අධ්‍යාපන ඇමැති ඉතිහාසය පාසලෙන් ඉවත් කරා. කටුබැද්දෙ එන්. ඩී. ටී. වලට ඔවුන්ගේ අය අඩු ලකුණු වලින් ගත්තා.
    පසුගිය රජයක අධ්කරණය බාරව සිටි කෙනා නීති විදුහලට අසාමාන්‍ය වැඩ් තමන්ගේ අය ගත්ත.

  2. There is no question that there are some extremists among the Sinhala Muslim population.

    Muslims in our country are Sinhala Muslims and most of them live among the Sinhalese.

    It is the Indians (Tamils, Malayalis, Borahs and Parsis etc.) in our country who are brainwashing other Sinhalese to attack Sinhala Muslims.

    So be careful and think properly.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More