දේශීය පුවත්

අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මධ්‍ය අංශය නිවේදනය කළේය.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් වේ.

අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කළ බවද එහි සඳහන් වේ.

අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගෙන තිබේ.

එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්යභාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ.

එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.

අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More