නව ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගැනීම සදහා ආණ්ඩුපක්ෂයේ ප්‍රබලයන් සහ ඇතැම් දිස්ත්‍රික්වලින් ඉහළම මනාප ලබාගත් අපේක්ෂකයින් විසින් සිදු කරනු ලබන ඉල්ලීම් හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි අප්‍රසාදයකින් පසුවන බව වාර්තා වේ.
වාර්තා වන පරිදි අදාළ පාර්ශ්ව විවිධ උපක්‍රම භාවිතා කරමින් ඍජුවම ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීම් කරන බව සදහන්.
උද්ගතව ඇති තත්වය හමුවේ මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි අප්‍රසාදය පළකර ඇති අතර, ඒ අනුව එවැනි පාර්ශ්වයන්ට අමාත්‍ය ධුර ලැබීමට ඇති අවස්ථාව ඇහිරී යනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මෙහිදී සිය දැඩි අප්‍රසාදය සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වවලින් විමසා ඇත්තේ ‘වැඩ කරන්න අමාත්‍ය ධුර අවශ්‍යමද?” යනුවෙනි. තනතුරු වරප්‍රසාද බලාපොරොත්තුවෙන් දේශපාලනයට පිවිසෙන පාර්ශ්වයන් රට ගොඩනැගීමේ තම දැඩි අවශ්‍යතාවට බාධාවක් වන බවත් තමන්ට අවශ්‍ය වනුයේ තනතුරු හා අමාත්‍ය ධුර පසෙකලා රට වෙනුවෙන් කැපවීමට සූදානම් පිරිසක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇතැයි ද සදහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...