සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මතුව තිබූ අර්බූදය තවමත් නිමාවී නොමැති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව එම පක්ෂය සමග සන්ධානගතව සිටින පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් සහ පලනි දිගම්බරම් යන මහත්වරුන්ද ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයන් සිය පක්ෂවලට ඉල්ලා සිටීම මෙම අර්බූදයට හේතු වී තිබේ.
මේ පිළිබද සාකච්ජාවක් ඊයේ දින පක්ෂ නායකයන් අතරේ පැවැත්වුණද එහිදීද අවසන් එකගතාවකට එළඹී නැත.
ඒ සම්බන්ධයෙන් අද දිනද පිරිස අතර සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේවෙතත් අද හෝ හෙට දින මෙම අවසන් ලයිස්තුව සකසා මැතිවරණ කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...