මෙවර මහා මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකර ගත් දේශපාලන පක්ෂ කිහිපයක් එම ලැයිස්තු සකස් කිරීම සඳහා අද (10) දිනයේ රැස්වීමට නියමිත ව තිබේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17ක් ද, සමගි ජනබලවේගයට මන්ත්‍රී ධුර 07ක් ද, ජාතික ජනබලවේගයට, එක්සත් ජාතික පක්ෂයට, අපේ ජනබල පක්ෂයට, ඉලගෙයි තමිල් අරසු පක්ෂයට, අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බැගින් ද හිමිවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අපේ ජනබල පක්ෂය සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මේ වනවිට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර තිබේ.
ඒ අනුව, සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව එම පක්ෂවල නියෝජිතයින් සඳහන් කළේය.
කෙසේවෙතත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නාමලේඛන එළඹෙන 14 වනදාට ප්‍රථම ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දි තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...