මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද ප‍්‍රතිශතය අනුව හිමිවූ ප‍්‍රසාද මන්තී‍්‍ර ධුරය තීරණය කිරීම සඳහා පක්‍ෂයේ හිටපු මන්තී‍්‍රවරුන් අද (10 දා) පෙරවරුවේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී රැස්වී තීරණය කිරීමට නියමිතය.
අද (10 දා) පැවැත්වෙන සාකච්ඡුාවේදී ප‍්‍රසාද මන්තී‍්‍ර ධුරය සමග පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡුා කරන බවත් පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වුවත් ප‍්‍රසාද මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවත් හිටපු ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙක් පැවසීය.
ප‍්‍රසාද මන්තී‍්‍ර ධුරය ලබා ගැනීම සඳහා කොළඹ කුරුණෑගල, ගාල්ල දිස්ති‍්‍රක්වලින් මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත් හිටපු මන්තී‍්‍රවරුන් තිදෙනකු අතර විශාල තරගයක් තිබෙන බවද එම හිටපු මන්තී‍්‍රවරයා කීය.
මේ අතර පක්‍ෂ නායකත්වයද තමන්ට අවශ්‍ය බවට කොළඹ දිස්ති‍්‍රක්කයේ හිටපු ඇමැතිවරයකු සහ කොළඹින් තරග කළ අපේක්‍ෂකයකු ඉල්ලීම් කරන බවත් කොළඹ ප‍්‍රබල අපේක්‍ෂකයා කොළඹ පාක්‍ෂිකයන් පිරිසක් අද පක්‍ෂ මූලස්ථානයට රැස්කරන බවට ප‍්‍රකාශ කර තිබෙන බව දැන ගන්නට ඇති බවත් ඔහු කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...