නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදි මුදල් අමාත්‍ය ධූරය සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
බුද්ධශාසන හා සංස්කෘතික අමාත‍්‍යධූරය ජනාධිපතිවරයා යටතේ තබා ගන්නැයි යොජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය් ගෙන නැතැයිද වාර්තාවේ.
දිනේශ් ගුණවර්ධන මහතාට විිදේශ අමාතය ධූරයද , පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සෞඛ්‍ය අමාත්‍ය ධූරයද, චමල් රාජපක්‍ෂ මහතාට වාරිමාර්ග ඇමති ධූරයද, මහිනදානන්ද අළුත්ගමගේ මහතාට කෘෂිකර්ම ඇමති ධූරයද , ප්‍රසනන රණතුංග මහතාට සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ධූරයද, කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ජනමාධ්‍ය ඇමති ධූරයද ,ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතාට අධිකරණ ඇමති ධූරයද , නාමල් රාජපක්ෂ මහතාට ක්‍රීඩා ඇමති ධූරයද යෝජනා වී ඇති බව රජයෙ ආරංචි මාර්ග කියයි.
එසෙ වුවද මේ තනතුරු වලට පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක අවසන් තීරණයක් ගෙන නැති බවද පැවසේ.
ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය සරත් විරසේකර සහ ජීවන් තොන්ඩමන් මහත්වරුන්ටද ඇමතිධූර ලැබීමට බොහෝදුරට ඉඩ ඇති බවද පැවසේ. ඉකුත් කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් සියලු දෙනාටම ඇමතිධූර ලැබීමට නියමිත බවද වාර්තාවේ.
නව අමාත්‍ය මණ්ඩලය ජනිධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අනිද්දා (12) පෙරවරුවේ මහනුවර මගුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...