දේශීය පුවත්

නව පාර්ලිමේන්තුවේ කතානායක ධුරය භාර ගන්නා ලෙස හිටපු කථානායකවරයෙකු වූ චමල් රාජපක්ෂ මහතාගෙන් පොදුජන පෙරමුණේ ප්‍රභලයින් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ තමන්ට ජනතාවට වැඩ කළ හැකි අමාත්‍ය ධූරයක් අවශ්‍ය බවය.

පසුගිය භාරකාර රජයේ කෘෂිකර්ම විෂය ඇතුළු අමාත්‍ය ධූර ගණනාවක් ඔහු විසින් හොබවන ලදී.

18 හා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මත කළ 2010 – 2015 පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කරන ලද්දේ චමල් රාජපක්ෂ මහතාය.

එළඹෙන 20 වනදා රැස්වීමට නියමිත නව පාර්ලිමේන්තුවේ කථානායක ධූරය සඳහා මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම ඉදිරියෙන්ම තිබෙන බව වාර්තා වේ.
මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ මහතා පරිණත දේශපාලනඥයෙකි.
1977 දී හිනිදුම මැතිවරණ කොට්ටාශය නියෝජනය කරමින් එජාප මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1987 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව එම ආණ්ඩුවෙන් ඉවත්ව ශ්‍රීලනිපයට එක් විය.
ඉන්පසු ශ්‍රීලනිපය මුල් වූ සන්ධාන හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මැතිවරණ කිහිපයකදීම ජයග්‍රහණය කළ ඔහු අමාත්‍ය ධුර ගණනාවක් ද දරා තිබේ. දකුණු පළාත් සභා මහ ඇමතිවරයා ලෙස ද අබේවර්ධන මහතා කටයුතු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More