මෙවර මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්රී ධූරය නම් කිරීමේදී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අතර එය තවත් තීව්‍ර කරමින් එහි මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් අතුරුදන් වී ඇති බවද දැනගන්නට තිබේ.
මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය අස්ගිරියේ විමලවංශ හිමියන් විසින්, තමන් වහන්සේ පාර්ලිමේන්තුව සඳහා තෝරාගෙන ඇති බවට වූ ලිපියක් මැතිවරණ කොමිසම වෙත පෙරේදා (07) ලබාදී ඇති බවය.
කෙසේවෙතත් මේ වන විට එම මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතර යම් තරගකාරිත්වයක් ඇති වී ඇති අතර පක්ෂය විසින් තීරණය කර ඇත්තේ ඥානසාර හිමියන් ඒ සඳහා පත් කිරීමටය.
මේ අතර අපේ ජන බල පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. ඒ, එම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්රී ධූරය සඳහා තමන් ඉදිරිපත් වන බවට උන්වහන්සේ විසින්ම මැතිවරණ කොමිසමට දැනුම් දීම හේතුවෙනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...