පුරවැසි කොලම

ජාතිකත්ව වේදිකාව තුනට කැඩී ඇත. රනිල් සිටිය යුතුය, ඔහු නෙරපා වෙනත් ජාතිකවාදී එජාපයෙකු සිටිය යුතුය, ඒ දෙකටම නැතිව පොහොට්ටුවෙන් අගමැති කෙනෙක් සිටිය යුතුය, ලෙසින් ජනමතය තුනට කැඩීමම එජාපයට වාසි දායකය. ඒ අතරින් බොදු බල සේනා වේදිකාව පැත්තෙන් ඇසෙන්නේ ජාතික වාදියෙකු අගමැති කරවීමට බව වූවත්, එම ජාතිකවාදියා කවුදැයි ඔවුන් නොකියයි. ඔවුන් ගෝඨාභය ගැන වචනයක් වත් සඳහන් නොකරන තරමට ගෝඨාට වාසිදායකය.

රනිල් වික්‍රමසිංහ බෞද්ධාගමිකයෙකු හෝ අඩුම ගනනේ සිංහලයෙකුවත් නොවන කලු සුද්දෙකි. ඔහුට ජාතිකත්වයක් හෝ ආගමිකත්වයක් පිලිබඳව කිසිදු හැඟීමක් නොමැත. ඒ හේතුවෙන් රටේ ආර්ථික සහ සංස්කෘතික ඉදිරි ගමන එතනින්ම අඩපණ වී ඇත. රට මුහුණපා ඇති ආර්ථික උද්ධමනය සහ රුපියල බාල්දු වීම ඇතුලු දරුණු ආර්ථික ප්‍රපාතයට පිලියම් ලෙස, ඔහු මහ ජනයාට රත්තරන් බ්‍රේස්ලට් සහ Free WIFI සිහින ලෝක මවා පෙන්වා ගහ දන්නා අයට කොල කඩා පාමින්, විහිලු සපයන්නෙක් බවට පත් වෙමින් සිටී.

මෙ අතරට සිංහලේ, මහසොහොන් බලකාය සහ බොදු බල සේනාව රනිල් බේරාගැනීම සඳහා ඕනෑම වේලාවක සීරුවෙන් සිටිති. මහනුවර භීශණයේ මහ මොලකරු චම්පික රණවකය, අධ්‍යක්ශනය රනිල්ගේය. නලු නිලියන් ඇහින්දාස්ලාය. අන්තිමට හිරබත් කෑවේ ටීක් බෝල ගසන බට්ටෝ පනින පොඩි කොල්ලෙක්ය. හිරබත් කෑවේ මෝඩ කොල්ලන්ය. එයින් දුක් වින්දේ එවුන්ගේ බිරින්දෑ වරුන් සහ දෙමවුපියන්ය. මෙදා පාර රනිල්ගේ පිහිටට මහසොහොන් බලකාය ඉතිරිපත් වූවෝය. ඔවුන් මේ කොකා පෙන්වූයේ සිංහල සහ මුස්ලිම් ජනතාවටය. එය මුස්ලිම් දේශ පාලනඥයින් මෙන්ම මුස්ලිම් ජනතාවද හොඳින් දනිති. එනමුත් මුස්ලිම් දේශපාලනඥයන් ඒ බව නොදන්නා ගානට ඇස් කන් නාසා වසාගෙන සිටිති.

රනිල් වැඩ කරන්නේ විදේශ බලවේගයන් ගහන පදයටය. දේශපාලන අනාතයන් ලෙස විදෙස් රටවල සිටින දමිල ඩයස්පෝරාවෙන් රනිල්ට බලයේ සිටීමට නොමඳ සහයෝගයක් ලැබේ. මංගල සමරවීර එක්සත් ජාතීන්ට සහයෝගය දැක්වීම්වස්, අපේ රණවිරුවන් උකසට තැබීමට එකඟ වූයේද දමිල ඩයස්පෝරාවේ ඩොලර් බලයෙන්ය.

මේ අවු අස්සේ Born Again ක්‍රිස්තියානි පල්ලිය බොර දියේ මාලු බාති. එයටම පෑහෙන්නට අපේ විද්වතුන් කොටසක්ද සැදී පැහැදී සිටිති. සිංහල බෞද්ධයා සමග චිරාත් කලක් සහෝදරත්වයෙන් සිටි කතෝලික ජනතාව සමග නොයෙකුත් ප්‍රශ්න ඇති කිරීමට නොහැකි වූ කල වෙනත් ක්‍රම වේද වලින් කතෝලික පල්ලිය මෙන්ම සිංහල බෞද්ධයාගේ වැයික්කිය ආක්‍රමණය කරගෙන යන Born Again පල්ලිය, ලංකාවේ දුශ්කර පලාත් වලින් වැඩ අරඹා ඇත. අසරණ දුප්පත් සිංහල ජනයාගේ ලෙඩට දුකට යාඥා ක්‍රමවේදයකින් පිහිට වන ලෙස පෙන්වන අතර, ඩොලර් බලයෙන් ඔවුන්ට බඩගින්නට සීනි බෝල ගිල්ලවමින් රවටාගනිති. මේ විදේශ බලවේග අපේ රට ආක්‍රමණය කරන එක් ක්‍රමයකි.

පාර්ලිමේන්තුව තුල අවුරුදු 5 පිරීමට හෙවත් එවුන්ගේ විශ්‍රාම වැටුප සහතික කරගැන්මට තව අවුරුදු 3 ක් ඇති දේශපාලුවෝ සිටිති. මෙවුන්ට රට ජාතිය හෝ මවක් පියෙක් හෝ මේ අවස්ථාවේ නොපෙනෙති. මේ වේලාවේ ආන්ඩුව පෙරලා පොහොට්ටුව ඇතුලු පොදු පෙරමුන බලය අතට ගතහොත් මේ නවක දේශපාලුවන්ට විශ්‍රාමික වැටුපක් නොලැබෙනු ඇත. ඒ නිසා රනිල් හොඳින් හෝ නරකින් 2020 වෙනතුරුම සිටීමට උත්සාහ කරනු ඇත. ඒ කෙසේ වෙතත්ආන්ඩුව පෙරලෙයි කියා විශ්වාස භංගය වෙත බලාපොරොත්තු තියාගෙන සිටින මහජනතාව ඉච්ඡාභංගත්වයට පත් නොවේවා යයි පතමු.

මෙවන් අස්ථීර අරාජික සමයෙක, රනිල් විරෝධී බලවේගය තුනට කැඩීමට රනිල් සහ සමාගම යොදා තිබෙන සූක්ශම ක්‍රමවේදය නොදැන, ජාතික වේදිකාව තුන්කොන් සටනකට අර අදිමින් සිටිති. රට දැය සමය ගැන සිතන ජාතික, වේදිකාව මූනත් සමග තරහට නහය කපාගන්නා සේ ක්‍රියා නොකර, ඔවුන්ගේ පටු දැක්මෙන් ඉවත් වී, සිහි නුවණින් ඉදිරිය දැක ක්‍රියා කරන්නේ නම්, එය රටේ ඉදිරි අනාගතයට සහ සුභ සිද්ධියට හේතු වෙනු ඇත.

දිනූශි හේරත්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More